අප ගැන හැඳින්වීම

අන් කවරදාකවත් නොවූ විරූ අයුරින් සිංහල ජාතිය හා බෞද්ධයා මේ මිහිතලයෙන් අතුගා දැමීමට ඉතා කූට හා ඉතා සියුම් දෙස් විදෙස් කුමන්ත‍්‍රණයන් දියත් වෙමින් පවතී. බොහෝ අවස්ථාවන්හී දී අප දකින්නේ එම කුමන්ත‍්‍රණයන්ගේ ප‍්‍රතිඵලයයි. එයට හේතුව සිංහලයා හා බෞද්ධයා ආරක්‍ෂා කිරීමට යැයි කොතෙකුත් රාජ්‍යයන් හා සංවිධාන බිහි වුව ද එ්වායෙහි සැබෑ භූමිකාව ඉටු නොවීමයි. අප හමුවේ විද්‍යමාන මෙම අවධානම් තත්ත්වයන් හඳුනා ගෙන එම අභියෝග මැඩලීමට සංවිධානාත්මක වූ සිංහල බෞද්ධ ජාතික සංවිධානයක අවශ්‍යතාව දැඩිව දැනෙන මේ මොහොතේ ඒ සඳහා පෙරමුණ ගැනීම අප සංවිධානයේ පරම අධිෂ්ඨානයයි.
අපගේ අරමුණු
- සිංහල ජාතියේ හා බෞද්ධ ශාසනයේ ආරක්‍ෂක අංශයක් ලෙස ක‍්‍රියා කිරීම.
- සිංහල බෞද්ධ ජාතියේ වර්ධනය වෙනුවෙන් ක‍්‍රියා කිරීම.
- සිංහල බෞද්ධ ජාතික අනන්‍යතාවය සුරැුකීම වෙනුවෙන් ක‍්‍රියා කිරීම.
- ජාත්‍යන්තර බෞද්ධ ව්‍යාප්තිය වෙනුවෙන් ක‍්‍රියා කිරීම.






