අන්‍යාගමිකකරණය
ශ‍්‍රී ලංකාවේ බෞද්ධයින් සදාචාර විරෝධී හා කූට උපක‍්‍රම මඟින් අන්‍යාගම් වලට හරවා ගැනීම පිළිබඳව පරීක්ෂා කර බලා වාර්තා කිරීම සඳහා පත්කරනු ලැබූ
කොමිෂන් සභාව.
ශ‍්‍රී ලංකාවේ බෞද්ධයින් සදාචාර විරෝධී හා කූට උපක‍්‍රම මඟින් අන්‍යාගම් වලට හරවා ගැනීම පිළිබඳව පරීක්ෂා කර බලා වාර්තා කිරීම සඳහා පත්කරනු ලැබූ
කොමිෂන් සභාව.
01. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය වෙනුවෙන් එහි සභාපතිතුමාගේ වර්ෂ 2006 ක්වූ ජූනි මස 11 දිනැති අත්සනින් යුතුව, මෙහි පහත සඳහන් කර ඇති ක‍්‍රියාකාරකම් පිළිබඳව වාර්තා කිරීම සඳහාත්, බුද්ධ ශාසනයේ හා ශ‍්‍රී ලාංකික බෞද්ධයාගේත් චිරස්ථිතියට ඉවහල් වන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් මෙම කොමිෂන් සභාව පත් කරන ලදී.
(අ) ශ‍්‍රී ලාංකික බෞද්ධයින් (සදාචාර විරෝධී හා කූට උපක‍්‍රම මඟින්* වෙනත් ආගම් වලට හරවා ගැනීම පිණිස සෘජුව හෝ වක‍්‍රව නියැලී සිටින සංවිධාන වල සංයුතිය හා ඒවා ක‍්‍රියාත්මක කරනු ලබන ආකාරය හදුනා ගැනීමට හැකි වන පරිදි කරුණු රැුස් කිරීම.
(ආ) මෙකී සංවිධාන පවත්වා ගෙන යාමට මූල්‍යාධාර සපයන ප‍්‍රභවයන් මොනවාදැයි සොයා බැලීම.
(ඇ) ආගමික සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, ලංකාවේ නීතගත වෙනත් ස්වේච්ඡුා සංවිධාන, ආයෝජන මණ්ඩල අනුමැතිය ලත් ව්‍යාපෘති මෙහෙයවන්නන් සහ විදේශ පුණ්‍යායතන ඇතුලූ සියලූ ප‍්‍රභවයන් ම`ගින් විදේශ වලින් ලැබෙන මුදල් වංචනික මාර්ග ඔස්සේ සෘජුව හෝ වක‍්‍රව බෞද්ධයින් අන්‍යාගම් වලට හැරවීමේ නිරත වන සංවිධාන වලට ලබා දෙන බවට සාධක ඇත්තේදැයි සොයා බැලීම.
(ඈ) විශේෂයෙන් ගම්බදව වෙසෙන අහිංසක ජනතාව සහ නාගරික ජනතාව සිය ආගම් වෙනස් කිරීමට කැමති කරවා ගැනීම පිණිස යොදා ගනු ලබන ජනප‍්‍රිය උපාය මාර්ග මොනවාදැයි සොයා බැලීම.
(ඉ) 2004 දෙසැම්බර් මාසයේ සිදුවූ සුනාමි ඛේදවාචකයට ගොදුරු වූවන්ට පිහිට වීමේ මුවාවෙන් දේශීය මෙන්ම විදේශික ස්වේච්ඡුා සේවකයන් මෙන් ඉදිරිපත් වූවත්, ඔවුන් අන්‍යාගම්කරණයෙහි නියුක්ත වූ බවට සාක්ෂි තිබේ ද යන්න සොයා බැලීම.
(ඊ) විශේෂයෙන් තරුණ පිරිස් ඇතුලූ මහජනතාව දේශීය සාම්ප‍්‍රදායික සිරිත් විරිත් අනුගමනය කිරීමෙන් වළක්වාලීම තුළින් හා බෞද්ධ අනන්‍යතාවය යටපත් කිරිමෙන් අන්‍යාගම් වලට හරවා ගැනීමට හිතකර මානසිකත්වයක් ඇති කිරීම පිණිස ඇතැම් මාධ්‍ය ආයතන විසින් සැළසුම් සහගත ව්‍යාපාරයක් දියත් කර ඇති බවට පැතිරෙන මතය සනාථ වන සාධක තිබේ ද යන්න සොයා බැලීම.
(උ) අන්‍යාගමිකරණයට වඩාත් යෝග්‍ය යැයි සැලකෙන ප‍්‍රදේශ තිබේ නම් ඒවායේ හඳුනාගත හැකි සුවිශේෂ ලක්ෂණ මොනවාදැයි සොයා බැලීම.
(ඌ) බෞද්ධ මහජනතාවගේ හුදු ගිහි ජීවිතේට සම්බන්ධ කරුණු කෙරෙහි, මහා සංඝයා වහන්සේ කිසිදු උනන්දුවක් නොදැක්වීම හේතුවෙන්, මූලධර්මවාදී හෝ සම්ප‍්‍රදායික පල්ලි හෝ වෙත බෞද්ධ මහජනයා ඇදී යාමේ ප‍්‍රවණතාවයක් වර්ධනය වෙමින් පවතින බවට සාධක තිබේ ද යන්න සොයා බැලීම.
(එ) අන්‍ය ආගම් වලට හැරුණු පුද්ගලයින්, සිය පවුල් තුළ අසමඟිය වර්ධනය වීමෙන් හෝ සමාජීය වශයෙන් හෝ පීඩනයට භාජන වී ඇති බවට සාක්ෂි තිබේදැයි සොයා බැලීම.
(ඒ) අවශ්‍ය තොරතුරු ලබාගත හැකි නම් ගතවූ දස වසර තුළ බුද්ධාගම අත්හැර ගිය පුද්ගලයින් පිළිබඳ පහත දැක්වෙන දත්ත සපයා ගැනීම ප‍්‍රයෝජනවත් වන බව.
දිස්ත‍්‍රික්කය පිරිමි ගැහැණු වසර 18 අඩු ළමුන්
(ඔ) වෙනත් ආගමක් වැළඳගත් බෞද්ධයන් නැවතත් බුද්ධාගමට පැමිණ ඇත්ද? එසේ නම්, හේතු වූ කරුණු.
( ඕ) කොමිෂන් සභාවේ මතය අනුව බෞද්ධයින් වෙනත් ආගම් වලට හැරවීමේ වර්තමාන දැඩි උනන්දුවට අදාළ වෙනත් කරුණු.
02. 2006 ජූලි මස 20 වන දින සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ කොළඹ පිහිටි මූලස්ථානයේදී කොමිෂන් සභාවේ කටයුතු ආරම්භ විය. ඉන් පසුව දිවයිනේ නොයෙකුත් පළාත්හිදී වර්ෂ 2007 ක්වූ ජූනි මස 09 වන දින තෙක් සාක්ෂිකරුවන් 348 දෙනෙකුගේ සාක්ෂි සටහන් කරගනු ලැබීය. එම අවසන් දින වන විට ද දිවයිනේ නන්දෙසින් සාක්ෂි දීම සඳහා තවත් සංවිධාන හා පුද්ගලයින් ස්වේච්ඡුාවෙන් ම ඉදිරිපත්ව සිටිය ද මෙම කොමිෂන් සභාව පත් කිරීමේ අධිකාරි පත‍්‍රයට අනුව අප වෙත දී තිබූ කාල සීමාව ද ඉකුත්ව සෑහෙන කලක් ගතව තිබුණු නිසාත්, සාක්ෂි වාර්තා කිරීම එතෙකින් අවසන් කිරිම සඳහා තීරණයක් ගැනීමට අපට සිදු විය. ඉන් අප ඉදිරියේ සාක්ෂි දීමට බලාපොරොත්තුවෙන් සිටි ගරුතර මහා සංඝ රත්නයේ මෙන්ම ගිහි පින්වතුන්ගේත් අපේක්ෂාවන් බිඳ වැටුණේ නම්, ඒ ගැන අප දැඩි සේ කණගාටු වන බව යටහත්ව ප‍්‍රකාශ කර සිටිමු.
03. අපගේ මූලික කාර්ය භාරයන් සඳහන් කිරීමට කලින් මෙම කොමිෂන් සභාව පත් කිරීමට පසුබිිම් වූ හේතූන්, එකී අධිකාරී පත‍්‍රයේ සඳහන් ආකාරයට මෙසේය.
(අ) ක‍්‍රි.ව. 1505 දී පෘතුගීසීන්ගෙන් ආරම්භ වූ යුරෝපීය ආක‍්‍රමණයට පෙර මෙරට සිංහල ජනතාව බෞද්ධයින්ගෙන් සමන්විත වීම:
(ආ) මෙරටට සංක‍්‍රමණයවූ පෘතුගීසී මෙන්ම ඔවුන්ගෙන් පසුව පැමිණි ඕලන්ද හා බි‍්‍රතාන්‍යයන්ගේ ආක‍්‍රමණයන්හි එක් මූලික අපේක්ෂාවක් වූයේ තමන්ගේ ආගම් වලට දේශීය ජනතාව හරවා ගැනීම වන අතර, ඒ අනුව, ශත වර්ෂ හතර හමාරක්් (4 1/2* (එනම් වර්ෂ 450ක්* පමණ කාලයක් තුළ මෙම යුරෝපීය ආක‍්‍රමණිකයින් විසින් සදාචාර විරෝධී හා කූට උපක‍්‍රම ම`ගින් මෙරට බෞද්ධයින් ක‍්‍රිස්තියානි ආගමට හරවා ගැනීම පිණිස ව්‍යාපාරයක් පවත්වා ගෙන යෑම:
(ඇ) කෙසේ වෙතත්, 19 වන ශත වර්ෂයේ අග භාගයේදී මෙරටට පැමිණි පරම විඥාණවාදීන්ගේ සහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි සහ අනගාරික ධර්මපාලතුමා ප‍්‍රමුඛ ප‍්‍රභූවරුන්ගේ මූලිකත්වයෙන් ආරම්භවූ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ ප‍්‍රතිඵලයක් වශයෙන් අන්‍යාගම්කරණ වේගය තාවකාලිකව හීන වීම:
(ඈ) එසේ වුවද, 1978 වර්ෂය ආශ‍්‍රිත කාලය තුළ මෙරටට හඳුන්වා දෙනු ලැබූ විවෘත ආර්ථික ක‍්‍රමයේ විෂම ඵලයක් වූ අපගේ දේශීය සාරධර්ම පද්ධතියේ දැඩි සෝදාපාලූව හේතු කොට ගෙන බිහිවූ සමාජ පරිසරය තුළින් අන්‍යාගම්කරණ ව්‍යාපාරය යළි පණගැන්විණ. විශේෂයෙන් ක‍්‍රිස්තියානි මූලධර්මවාදීන් සහ සංවිධිත ඉස්ලාම් ප‍්‍රචාරකයින් මීට සම්බන්ධ වීම නිසා එකී ව්‍යාපාරයන් තීව‍්‍ර ලෙස සමාජ ගතවී වඩාත් සංකීර්ණවී තිබීම:
(ඉ) එසේ වුවද, දැනට උද්ගතවී ඇති තත්ත්වය නිශ්චිත ලෙසට ලාංකික බෞද්ධයින්ට පැහැදිළිවම
බලවත් අභියෝගයක් වී ඇති අතර, බෞද්ධ සංස්කෘතියේ ඉදිරි පැවැත්මට දැඩි බාධාවක් වන හෙයින් මේ සියලූ අභියෝගයන්ට මුහුණ දීමේ මුල් පියවරක් වශයෙන් අදාල කරුණු සාවධානව සාකච්ඡුා කොට ඉහතින් සඳහන් කළ ‘‘අ’’ සිට ‘‘ ඕ’’ මාතෘකා යටතේ වාර්තාවක් සැපයීම:
04. අන්‍යාගම්කරණය පිළිබඳ ප‍්‍රශ්නය සැළකිල්ලට ගැනීමේදී, ශ‍්‍රි ලංකාවේ කොයිතරම් දුරට ආගමික නිදහස පවතින්නේද, කොයිතරම් දුරට ශ‍්‍රී ලාංකික බෞද්ධයින් අන්‍යාගම්කරණයට භාජන වන්නේද, කුමණ ආකාරයෙන් එසේ වන්නේ ද යන කරුණු ඉතා වැදගත්ය. මෙහිදී මෙම රටේ පවතින ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුව එවැනි ක‍්‍රියාකාරකම්හි නීත්‍යනුකූල භාවය සළකා බැලිය යුතු අතර, ඒ සඳහා අප විසින් අදාළ ව්‍යවස්ථාවන් පිළිබඳව ශ‍්‍රී ලංකාවේ ගරු ශේෂ්ඨාධිකරණය විසින් දී ඇති අර්ථකථන ඇතුළත් තීරණයන් සැළකිල්ලට ගත යුතුව ඇත.
05. අපගේ අවධානය ප‍්‍රථමයෙන්ම යොමු වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෑතකදී අංක 2/ 2004 සිට අංක 22/ 2004 දක්වා වූ නඩු වල තීරණයන් වෙතය.
(අ) ‘‘බලහත්කාරයෙන් අන්‍යාගම්කරණය කිරීම තහනම් කිරීම’’ යන මැයෙන් පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයේ 2004-07-21 දින ගොනු කර තිබුණු සම්පූර්ණ කෙටුම්පතෙහිම ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව ශ‍්‍රී ලංකා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 121(1* යටතේ පිළිසරණ පතා අභියෝග කරමින් එහි 132 ව්‍යවස්ථාව යටතේ වූ තීරණයක් අයැදිමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් 24ක් සම්බන්ධයෙන් එම තීරණය දී ඇත. එම කෙටුම්පතෙහි අරමුණ වී තිබුණේ බලය හෝ පෙළඹවීම හෝ වංචාකාරීව හෝ යන ආකාර වලින් ආගමකින් වෙනත් ආගමකට හරවා ගැනීම තහනම් කිරීම හා ඊට අනුශාංගික වූ කරුණු සඳහා (නීතිමය) ප‍්‍රතිපාදන සළසා ගැනීමය. එම කෙටුම්පතට විරුද්ධ වූ පෙත්සම් කරුවන් 21 දෙනෙකු විසින් එම පෙත්සම් 21 ඉදිරිපත් කර තිබුණි.
(ආ) එම තීරණයන්ට එළඹීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය ශ‍්‍රී ලංකා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 9,10,14(1*(ඉ), 21(1), 12(2), 12(4), 15(7), හා 76(1) ව්‍යවස්ථාවන්හි ප‍්‍රතිපාදනයන් සාකච්ඡුවට භාජන කරමින් සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳව වූ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ 18(2) ව්‍යවස්ථාවට ද, බුද්ධ ශාසනය පිළිබඳව වූ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවට ද, මානව හිමිකම් පිළිබඳව වූ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවට ද, මානව හිමිකම් පිළිබඳව වූ යුරෝපීය අධිකරණ (260 වෙලූම) විසින් දී ඇති කෝකිනාකිස් එදිරිව ග‍්‍රීස් නම් නඩු තීන්දුවට ද, ශ‍්‍රී ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 169 ඇ (2)
(ආ) හා 23 වන වගන්ති වලට ද අවධානය යොමු කර ඇත.
06. අප ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 9, 10 ව්‍යවස්ථාවන් හා 14(1) අනු ව්‍යවස්ථාවේ (ඉ) ෙඡ්දය මෙසේය.
9 වන ව්‍යවස්ථාව
‘‘ශ‍්‍රී ලංකා ජන රජය බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවෙන් සහ 24 වන ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවේ (ඉ) ෙඡ්දයෙන් සියලූම ආගම් වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය.’’
10වන ව්‍යවස්ථාව
’‘සෑම තැනැත්තෙකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුලූව සිතීමේ නිදහසට හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය.’’
14(1) අනු ව්‍යවස්ථාවේ (ඉ) ෙඡ්දය
සෑම පුරවැසියෙකුටම ‘‘එකලාව හෝ අන් අය සමඟ ප‍්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව, තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප‍්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප‍්‍රකාශ කිරීමේ නිදහසට’’ හිමිකම ඇත්තේය.
15(7) අනු ව්‍යවස්ථාව ඃ- මූලික අයිතිවාසිකම් පිළිබඳ සීමා
‘‘12 වන ව්‍යවස්ථාවෙන්, 13 වන ව්‍යවස්ථාවේ (1* හා (2* අනු ව්‍යවස්ථා වලින් සහ 14 වන ව්‍යවස්ථාවෙන් ප‍්‍රකාශ කොට පිළිගෙන ඇති සියලූම මූලික අයිතිවාසිකම් භුක්ති විදිය හැක්කේද ක‍්‍රියාත්මක විය හැක්කේද, රාජ්‍ය ආරක්ෂාව ද රටේ යථා පැවැත්ම ද, තහවුරු කිරීම පිණිසත්, මහජන සෞඛ්‍යය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිසත්, අන්‍යයන්ගේ අයිතිවාසකම් හා නන් වැදෑරුම් නිදහස නිසි පරිදි පිළිගන්නා බවට සහ ඊට නිසි පරිදි ගරු කරන බවට වගබලා ගැනීම පිණිසත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයකට ශුභසාධනය සඳහා යුක්ති සහතව අවශ්‍ය දෑ සපුරාලීම පිණිසත් නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම් වලට යටත්වය. මෙම අනු ව්‍යවස්ථාවේ කාර්යයන් සහ ‘‘නීතිය’‘ යන්නට මහජන ආරක්ෂාව පිළිබඳව තත්කාලයේ අදාල වන නීතිය යටතේ සාදන ලද නියෝග ද ඇතුළත් වන්නේය.‘‘
07. ඉහත සඳහන් 9,10 වන ව්‍යවස්ථාවන් දෙකෙන්ම ප‍්‍රකාශිත වන්නේ, නියත (එනම් සීමාරහිත* අයිතීන් පිළිබඳව බවත්, 9 වන ව්‍යවස්ථාව බෞද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දෙමින්, 10 ව්‍යවස්ථාවෙන් හා 14(1* අනු ව්‍යවස්ථාවේ (ඉ* ෙඡ්දයෙන් සියලූම ආගම් වලට පිරිනමා ඇති ආරක්ෂාවට යටත්ව රාජ්‍ය විසින් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කළයුතුය යන්න පැහැර හැරිය නොහැකි වගකීමක් බවත් එහි සඳහන්ව ඇත.
08. 10 වන ව්‍යවස්ථාවෙන් සෑම පුද්ගලයෙකුටම, තමන්ට අභිමත ආගමක්, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ, ඇදහීමේ, වැළඳගැනීමේ නිදහසට , සිතීමේ, හෘදය සාක්ෂියේ හා ආගමික නිදහසට ද හිම්කම් ලබාදී ඇති නමුත් ඉහත කී 14(1)(ඉ) ෙඡ්දයෙන් සෑම පුරවැසියෙකු හටම තනිවම හෝ අන් අය සමඟ ප‍්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමට පිළිපැදීමට, ප‍්‍රගුණ කිරීමට, හා ඉගැන්වීමෙන් ප‍්‍රකාශ කිරීමට ලබාදී ඇති හිමිකම, ඉහත කී අන් හිමිකම් මෙන් වූ නියත වූත් සීමාරහිතවූත් නිදහසක් නොව එකී නිදහස ඉහත සඳහන් 15(7) ව්‍යවස්ථාවෙන් පනවා ඇති සීමාවන්ට යටත් වූවක් බවත් එම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් ප‍්‍රකාශ කොට ඇත.
09. තව දුරටත් එහි මෙසේද සඳහන් වේ ඃ-
‘‘………… ඒ අනුව කෙතරම් විස්මිත වුවත්, අතාර්කික වුවත්, තමන් තෝරා ගත් ඕනෑම ආගමික විශ්වාසයක් කෙනෙකුට පවත්වා ගෙන යැමේ අයිතිය 10 වන ව්‍යවස්ථාව මඟින් සම්පූර්ණ ලෙස ආරක්ෂා කරයි. එම තෝරා ගැනීම, ඔහුට ඇති සිතීමේ හා හෘදය සාක්ෂියේ නිදහස, කුමන ආකාරයක හෝ බන්ධනයකින් විකෘත නොවී ස්වේච්ඡුාවෙන්ම ඔහුගේ සිතෙහි හටගනු ලැබූවක් බවට පිළිගනු ලබයි.’’
10. සිවිල් හා දේශපාලන අයිතින් පිළිබඳවූ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ 18(2* අනු ව්‍යවස්ථාව අ`ධ්‍යයනය කිරීමේදී එම තත්ත්වය තවදුරටත් පැහැදිළි වේ. එහි සඳහන් වන්නේ මෙසේය.
‘‘තම තමන් තෝරා ගත් ආගමක් හෝ විශ්වාසයක් පවත්වා ගැනිමේ නිදහසට හානිවනසේ වූ බලයෙන් නම්මා ගැනීමට කිසිවකු යටත් කළ නොහැකිය.’’
11. ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේද නිරීක්ෂණය කරයි ඃ-
‘‘ආගමික නිදහස යන්නට තම ආගම හෝ විශ්වාසය තෝරා ගැනීමේ නිදහස මෙන්ම තම ආගම වෙනස් කිරීමේ නිදහස ද ඇතුළත්ය. මෙම කෙටුම්පතෙන් අපේක්ෂා කරනු ලබන්නේ බලයෙන් හෝ පෙළඹවීමෙන් හෝ වංචාකාරී ලෙසින් කෙනෙකු එක් ආගමකින් තවත් ආගමකට හරවා ගැනීම තහනම් කිරීමය.‘‘
(බුද්ධ ශාසනය පිළිබඳ වූ විශේෂ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ බලය, වංචාව, පෙළඹවීම හා සදාචාර විරෝධීව අන්‍යාගමකට හරවා ගැනීම පිළිබඳව අන්තර්ගතව ඇති කරුණු වලට ද එක් පෙත්සම්කරුවෙකු වෙනුවෙන් අධිකරණයේ අවධානය යොමු කරන ලද බවට ද එම තීරණයේ සඳහන්ව ඇත.)
12. ’‘පෙළඹවීම’’ වරදක් ලෙසට හඳුන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය තව දුරටත් සඳහන් කර ඇත්තේ අන්‍යාගම්කරණය සඳහා යොදා ගන්නා ආකාරයක් වශයෙන් ‘‘පෙළඹවීම’’ නම් වූ වරදෙහි අත්‍යාවශ්‍ය අංගය වනුයේ යම් තැනැත්තෙකුගේ තීරණයට බලපෑ හැකි පරිදි එම තැනැත්තාගේ මන බදින සු`ථ වූ යම් ප‍්‍රතිලාභයක් ඔහුට පිළිගන්වමින් ඔහුව ඊට ආකර්ෂණය කර ගැනීමත් එම`ගින් පොළඹවා ගැනීමත් ය.’’
13. අදාළ කෙටුම්පතට විරුද්ධත්වය දැක්වූවන් වෙනුවෙන් ඉදිරිපත් කරන ලද අර්ථකථනය වූයේ කිතුණු දහමේ දේව ආඥාවන්ට අවනත වෙමින් සිදු කරනු ලබන ත්‍යාගශීලී උපකාරයන් හා පුණ්‍ය ක‍්‍රියාවන් ද ‘‘පෙළඹවීම’’ යන්නෙහි විග‍්‍රහයට ඇතුළත් වන්නා වූ පොළඹවන සු`ථ ක‍්‍රියාවක් ලෙසට විශ්ලේෂණය කිරීමට ද හැකියාව ඇති බවයි. ඒ පිළිබඳව තම මතය ප‍්‍රකාශයට පත් කරන ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්‍ෂණය කර ඇත්තේ මීට අදාළ කරුණු අනුව නුසුදුසු එක් කි‍්‍රයාවක් වන්නේ අන්‍ය ආගම්කරණය වංචාකාරී ක‍්‍රියාවලියක යෙදෙමින් චේතනාත්මකව සිදු කිරීම බවට, ‘‘කොකිනාකිස් එදිරිව ග‍්‍රීස්’’ (යුරෝපීය* නඩු විනිශ්චයයේ නිරීක්‍ෂණය කර ඇති බව ද සඳහන් කරන ශේ‍්‍රෂ්ඨාධිකරණය එහි පහත සඳහන් කොටස උපුටා දක්වා ඇත ඃ-
‘‘ක‍්‍රිස්තියානි ආගමේ එම දේවාඥාවත්, නුසුදුසු ලෙස අන්‍යාගමික කිරීමත් අතර වෙනස මුලින්ම සලකා බැලිය යුතුය. පළමුවැන්න යථා ලෙස ක‍්‍රිස්තියානි ආගමට හරවා ගැනීමේ නිවැරදි ක‍්‍රියාවලියකට අනුරූපී වන්නකි. ලෝක දේවස්ථාන කවුන්සිලයේ බලය යටතේ 1956 වර්ෂයේ සකස් කරන ලද වාර්තාවක සඳහන් කර ඇත්තේ අන්‍යාගමිකකරණය සෑම ක‍්‍රිස්තු භක්තිකයෙකුගේ මෙන්ම සෑම දේවස්ථානයකම මෙහෙය හා වගකීම බවයි. එම වාර්තාවට අනුව දෙවැන්නෙන්් නිරූපිත වන්නේ ¥ෂිතවූත්, විකෘතිවූත් අන්‍යාගමිකකරණයෙකි. එහි ස්වරූපය වන්නේ දේවස්ථානයට නව සාමාජිකයන් පත් කර ගැනීම සඳහා යමෙකු වෙත යම් ද්‍රව්‍යයන් හා සාමාජීය ප‍්‍රතිලාභයන් පිළිගැන්වීම, අසරණ වූ හෝ ආධාර අපේක්‍ෂාවෙන් සිටින්නා වූ අයට නුසුදුසු බලපෑම් සිදු කිරීම වැනි ස්වරූපයන් එම ක‍්‍රියාකාරකම් තුළින් විද්‍යාමාන විය හැකි බවය. ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදු කිරීම හෝ යමෙකුගේ මතය වෙනස් කොට වෙනත් මතයන් කැවීම යන ක‍්‍රියාවන් ද ඊට ඇතුළත් විය හැකිය. අන් අයගේ සිතීමේ හා හෘදසාක්‍ෂියේ නිදහසට මෙන්ම ආගමික නිදහසට ද එවැනි ක‍්‍රියා අනුකූල නොවන්නේය.’’
14. කලින් ද සඳහන් කළාක් මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරතුමන්ලා තිදෙනෙකු විසින් ඒකමතිකව දී ඇති ඉහත තීරණය අප මෙහිදී සඳහන් කරනු ලැබූයේ එය එම අධිකරණය විසින් ප‍්‍රස්තුත කාරණාව සම්බන්ධයෙන් දී ඇති නුදුරුතම තීරණය හෙයිනි. කෙසේ වෙතත් එම කාරණාව ගැන එම අධිකරණය විසින්ම ඊට ඉහතදී දී ඇති තීරණයන් අතරින් යටත් පිරිසෙයින් තවත් තීරණයන් 4 කට අපගේ අවධානය යොමු වී ඇත.
15. ඉන් එකක් වන්නේ ශේෂ්ඨාධිකරණ අංක 2/2001 (විශේෂ* තීරණය වේ. එය පාර්ලිමේන්තුවේ න්‍යාය පත‍්‍රයේ ඇතුළත් කර තිබුණු ‘‘ක‍්‍රිස්තියානි සහනයේ දොරටුව’’ යාඥා මධ්‍යස්ථානය (සංස්ථාගත) නම් වූ කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූල භාවයට අභියෝග කරමින් ඉදිරිපත් කර තිබුණු පෙත්සමක් සම්බන්ධයෙන් දෙන ලද තීරණයකි. එම (යෝජිත* යාඥා මධ්‍යස්ථානයේ අරමුණු අතර සමහරක් වන්නේ, යාඥාවෙන් රෝගීන් සුවපත් කිරීම, පුද්ගලයින්ගේ ප‍්‍රශ්න විසඳාගැනීම සඳහා යාඥා කිරීමට සහාය ලබා දීම, රැුකියා අවස්ථාවන් ලබා ගැනීම සඳහා ඔවුන්ට විවිධාකාරයෙන් සහාය වීම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටිනවුන් හෝ වෙනත් නොමනා හා සාපරාධී ක‍්‍රියාවන්හි නිරතව සිටින්නන් පුනුරුත්ථාපනය කිරීම, ස්වයං රැුකියා වල යෙදීම පිණිස ඔවුන්ව විවිධ කර්මාන්ත සඳහා පුහුණු කිරීම සහ යමෙකුගේ උපත, විවාහය හා මරණය වැනි අවස්ථාවන්හිදී ඔවුන්ගේ ආගමික හා පාරම්පරික සිරිත් විරිත් අනුගමනය කිරීම සම්බන්ධයෙන් වූ ඉල්ලීම් ඉටු කරදීම ආදී අරමුණුය. (මෙහිදී පෙනී යන්නේ උක්ත කෙටුම්පතෙහි සඳහන් අරමුණු 09 න් මුල් අරමුණු 03 බලපැවැත්වෙන්නේ ක‍්‍රිස්තු ලබ්ධිකයින් හට පමණක් වන නමුත් සෙසු අරමුණු 06 ම (බෞද්ධයින් ද ඇතු`ථ* සිය`ථ තැනැත්තන්ටම බලපාන්නා වූ අරමුණු බවයි.)
16. ගරු අගවිනිසුරු තුමා ත‍්‍රි පුද්ගල විනිශ්චය මණ්ඩලයක සභාපතිත්වය දරමින් සෙසු විනිශ්චයකාර තුමන්ලා දෙදෙනාගේද එක`ගත්වය සහිතව එළඹ ඇති එම තීරණයේ මෙසේද සඳහන්ව ඇත.
’‘… එක් ආගමික කණ්ඩායමකට අන් ආගමික කණ්ඩායම් වලට වඩා ප‍්‍රයෝජන වන්නා වූ ලෙස කිසියම් ආගමිකයෙකු කෙළින්ම හෝ අනියම් ලෙස පොළඹවා ගැනීමෙන් හෝ වෙනත් සුක්‍ෂ්ම ආකාරයකින් අන් ආගමකට හරවා ගැනීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් සමාජ නොසන්සුන්කම් හටගත හැකිය …’’
’‘කෙනෙකු තම ආගම හෝ විශ්වාසය මුලදීම තෝරා ගැනීම හෝ පසුව එය වෙනස් කිරිම කිසිම අනිසි බලපෑමකට පෙළඹවීමකට හෝ වංචාවකට යටත් නොවී සිදු කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විසින් සහතික කරනු ලැබ ඇත.’’
17. (1977 ්ෂඍ ීගක්‍ග 908 හි වාර්තාගතව ඇති) ස්ටෙනිලෝස් (අහියාචක) එදිරිව මධ්‍ය ප‍්‍රදේශ් රාජ්‍යය (වග උත්තරකරු) නම් ඉංදියානු නඩුවේ විනිශ්චයකට යොමු කරමින් අගවිනිසුරු තුමා මෙසේ සඳහන් කොට ඇත.
’‘බලෙන්, වංචාවෙන් හා පොළඹවා ගැනීමෙන් පුද්ගලයින් අන්‍යාගමකට හරවා ගැනීම තහනම් කරනු ලැබ ඇති රාජ්‍ය ව්‍යවස්ථාවන් මධ්‍ය ප‍්‍රදේශයේ (1968) හා ඔරිස්සා (1967) හි ඇත.’’ මෙම වරද සම්බන්ධයෙන් අභියාචක වරදකරු කරනු ලැබූ අවස්ථාවකදී, ඉංදියානු ශ්‍රේෂ්ඨාධිකරණය එම දණ්ඩනීය ප‍්‍රතිපාදනයෙහි ඇති වලංගුභාවය සලකා බලා ඇත. එහිදී අභියාචක වෙනුවෙන් සඳහන් කර ඇත්තේ ඉංදියානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 25(1) ව්‍යවස්ථාවෙන් ආගම විවෘතව ප‍්‍රකාශයට පත් කිරීම, ක‍්‍රියාවේ යෙදවීම හා ව්‍යාප්ත කිරීම සහතික කර ඇති බවයි. එම තර්කය ප‍්‍රතික්‍ෂේප කරමින් (ඉංදියාවේ* ඒ. එන්. රාජ් අගවිනිසුරු තුමා මෙසේ සඳහන් කර ඇත.
’‘මතක තබා ගත යුතු කරුණක් වන්නේ 25(1) ව්‍යවස්ථාවෙන් හෘදය සාක්ෂියේ නිදහස සහතික කරනු ලැබ ඇත්තේ යම්කිසි එක් ආගමක අනුගාමිකයින් හට පමණක් නොව සිය`ථම පුරවැසියන් හටම බවයි. ඒ හා සම`ගම ඉන් පිළිගෙන ඇත්තේ තම ආගමට අන් ආගමික අයෙකු හරවා ගැනීමට කෙනෙකුට මූලික අයිතිවාසිකමක් නොමැති බවයි. ඊට හේතුව තම ආගමේ ඇදහිලි ප‍්‍රකාශයට පත් කිරිම හා පතුරුවාලීම වෙනුවට අන් අයෙකු තම ආගමට හරවා ගැනීමට සිතාමතා යමෙකු භාර ගන්නේ නම් එය, රටේ සිය`ථම පුරවැසියන් වෙත සහතික කර ඇති හෘදය සාක්ෂියේ නිදහස සම`ග ගැටෙන සු`ථ බලපෑමක් ඇති කරන්නක් වීමය.’’
18. අගවිනිසුරු තුමා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය සාකච්ඡුාවට භාජන කරමින් අපගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප‍්‍රතිපාදනයන් පිළිබඳව මෙසේ සඳහන් කරයි.)
‘‘ඉන්දියානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 25(1) ව්‍යවස්ථාවේ මෙන් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ආගම ‘‘ව්‍යාප්ත කිරීමක්’’ ගැන සඳහන් නොකරයි. මෙහි ව්‍යවස්ථාවෙන් සෑම පුරවැසියෙකු හටම (14(1)(ඉ) ව්‍යවස්ථාවෙන්* සහතික කර ඇත්තේ තම ආගම හෝ විශ්වාසය ප‍්‍රකාශයට පත් කිරීමේ, වන්දනා කිරීමේ, ඇදහීමේ හා පිළිපැදීමේ මූලික අයිතිවාසිකමය. තව ද, සඳහන් කළ යුතුව ඇත්තේ 10 වන ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් වලට කිසිදු සිමා කිරීමක් සිදු කිරීමට අප ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් අවසර දී නැති බවය. එහෙයින් ඒ. එන් රේ ඉන්දීය අගවිනිසුරු තුමා දක්වා ඇති (ඉහත කී* හේතූන්, ඉන්දීය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදනයන්ටත් වඩා ප‍්‍රබල ලෙස අප ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප‍්‍රතිපාදනයන් කෙරෙහි බලපායි.
පෙත්සම්කරුගේ සැල කිරිම වන්නේ යම්කිසි ආගමික නිකායකට භක්තිමත් වූ යාඥා මධ්‍යස්ථානයක්, ව්‍යවස්ථාවක් ම`ගින් සංස්ථා ගත කර, ඉන් රැුකියා අවස්ථා සපයාදීම, ස්වයං රැුකියා වල නිරතවීම කර්මාන්ත හා වෙනත් නිපුනතාවයන් පුහුුණු කිරීම් සිදු කිරීම, එම කරුණු සඳහා මුදල් සපයා ගැනීම වැනි ආර්ථික මාර්ගයන්ගෙන් පුද්ගලයින්ට සහාය විමට ව්‍යවස්ථානුකූල අයිතියක් (එම යාඥා මධ්‍යස්ථානයට* ලබා දුනහොත්, එහි පැමිණෙන අන්‍ය ආගම්වලට හෝ විශ්වාසයන්ට අයත් වූවන් කෙරෙහි එම යාඥා මධ්‍යස්ථානයේ ආගම පිළිගැනීම සඳහා වූ පෙළඹවීමක් සිදුවන බවයි. අදාළ යාඥා මධ්‍යස්ථානයේ අරමුණු ලෙස 14(1) (ඉ) ව්‍යවස්ථාවෙන් සෑම පුරවැසියෙකු හටම සහතික කර ඇත්තා වූ ආගම අදහීමේ හෝ පිළිපැදීමේ අයිතිවාසිකම සම`ග (ඊට අමතරව) වාණිජ හා ආර්ථික ක‍්‍රියාකාරකම් සඳහා ද විධිවිධාන ඇතුළත් කිරීමෙන් පෙත්සම්කරුගේ එම සැලකිරීම වඩාත් ශක්තිමත් වන බව අපගේ අදහසයි.’’
‘‘… 14(1) (ඉ) අනු ව්‍යවස්ථාවේ සඳහන් තමන්ම විසින් හෝ අනුන්ද සම`ග හෝ ආගමක් ඇදහීමත් වන්දනාමාන කිරීමේ හා පිළිපැදීමේ යෙදිමත් යන කරුණු සහ 14(1) (ඔ) අනු ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ‘‘යම් නීත්‍යානුකූල රැුකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළද ව්‍යාපාරයක හෝ ව්‍යවසායයක නියුක්ත වීමේ නිදහස‘‘ යන කරුණු එකිනෙකට වෙනස් බව සැලකිය යුතුය. සංස්ථාගත කිරීමෙන් විශේෂ ව්‍යවස්ථාපිත සැලකීමක් අපේක්‍ෂා කරන යාඥා මධ්‍යස්ථානයකට එම අනු ව්‍යවස්ථාවන් දෙකෙන් දී ඇති නිදහස්භාවයන් දෙකම එකවර ප‍්‍රයෝජනයට යොදා ගත නොහැකිය. එසේ යොදා ගැනීමට ඉඩ කඩ සලසා දුනහොත්, 10 වන ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම උල්ලංඝනය වීමට ඉඩකඩ ඇත. තමන්ගේ තෝරා ගැනීම අනුව වූ ආගමක් හෝ විශ්වාසයක් පවත්වා ගෙන යෑමට සෑම අයෙකුටම 10 වන ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති නිදහසින් උපග‍්‍රහණය කරනු ලබන්නේ එය කුමන ආකාරයක හෝ වස`ග කර ගැනීමේ බන්ධනයකින් විකෘත නොවී එළඹුනු තෝරා ගැනීමක් විය යුතුව ඇති බවයි. (ශ‍්‍රී ලංකා නඩුවේ තීරණය සඳහා 2 ඇමුණුම බලන්න.)
19. අප ශ්‍රේෂ්ඨාධිකරණය ඊට පසුව එළඹුනු අංක 2/2003 නඩුවේ තීරණය ද ‘‘නිව් වයින් හාවස්ට් මිනිස්ටී‍්‍රස් ඉන් -කෝපරේෂන්’’ (^New Wine Harvest Ministries In – Corporation& නම් වූ පාර්ලිමේන්තු කෙටුම්පතක් පිළිබඳව වූවකි. එහිදී ද ගරු අගවිනිසුරු තුමා ත‍්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක අනෙක් දෙදෙනාගේ ද එක`ගත්වය ඇතිව කළින් සඳහන් (2 ඇමුණුම) නඩුවේ තමන්ගේම වූ නිරීක්‍ෂණයන් ද උපුටා දක්වමින් මෙසේද සඳහන් කර ඇත.
‘‘ආර්ථික ක‍්‍රියාකාරකම් සම`ග, ආගමක හෝ විශ්වාසයක පිළිපැදීම හා ප‍්‍රගුණකිරීම මිශ‍්‍ර කිරීමට දරනු ලබන ප‍්‍රයත්නය අභියෝගාත්මක කෙටුම්පතෙහි 3(ඈ) ෙඡ්දයෙහි සඳහන් අරමුණෙන් පෙනී යයි. එම අරමුණ වන්නේ ක‍්‍රිස්තු ලබ්ධියට අනුව වූ ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් මත පදනම් වූ භක්තිමය ප‍්‍රතිපාදනයන් වල හරය පිළිගෙන පවත්වා ගෙන යෑම, ශ‍්‍රී ලාංකීය ජනතාවගේ සමාජයීය හා ආර්ථික තත්ත්වයන් ගොඩ නංවන සු`ථ (එකී) ක‍්‍රියාකාරකම් සම`ග සම්බන්ධ කිරීමය.
ශ‍්‍රී ලාංකීය ජනතාවගේ සමාජ/ ආර්ථික තත්ත්වයන් න`ගා සිටුවීමේ එම ක‍්‍රියාවලිය, සංස්ථාපනය කිරීමට අපේක්‍ෂිත අදාළ යාඥා මධ්‍යස්ථානයේ ආගමික විශ්වාසයට හා ලබ්ධියට අයත් වූවන්ට පමණක් සීමා වී නැති බවටත්, ඊට ඉඩදීමේ ප‍්‍රතිඵලයක් ලෙසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 10 වන ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති යමෙකුගේ සිතීමේ, හෘද සාක්‍ෂියේ නිදහස හා ආගමික නිදහස ස්වාධීනව පවත්වා ගෙන යෑම සම`ග එම යාඥා මධ්‍යස්ථානයේ එම අරමුණෙහි අනනුකූලභාවයන් ඊට ඉඩදීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් අවශ්‍යයෙන්ම ඇති වන බවටත් පෙත්සම්කරු කරනු ලබන අභියෝගාත්මක හේතුව සම`ග අපට එක`ගවීමට සිදු වේ.
20. සමාජ/ ආර්ථික තත්ත්වයන් න`ගා සිටුවීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඇති වන පෙළඹීම විසින් 10 වන ව්‍යවස්ථාවෙන් සෑම පුරවැසියෙකුටම සහතික කර ඇති තමන්ට රිසි ආගමක් හෝ විශ්වාසයක් පවත්වාගෙන යෑමේ නිදහස විකෘති කරනු ලබයි.
21. එම තත්ත්වයම ශීරාණි බණ්ඩාරණායක විනිසුරුතුමියගේ සභාපතිත්වයෙන් වූ ත‍්‍රි පුද්ගල විනිශ්චය මණ්ඩලයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විශේෂ අංක 19/ 2003 නඩුවේ ද සාකච්ඡුාවට භාජන කර ඇත. එය ද පාර්ලිමේන්තුවේ න්‍යාය පත‍්‍රයට ඇතුළත් කර තිබූ එවැනිම යාඥා මධ්‍යස්ථානයක් සංස්ථාගත කිරීමේ කෙටුම්පතක් සම්බන්ධයෙන් වූ තීරණයකි. එහිදී ඉහතින් සඳහන් කළ අංක 01/2001, 2/2003, ඒ. අයි. ආර් 1977 එස්. සී (ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව* සහ ‘‘ලාසරස් එදිරිව ග‍්‍රීස්’’ නමැති යුරෝපීය අධිකරණ යන නඩු වල තීරණ ද උපුටා දක්වමින්, ඒවා ද සාකච්ඡුා කරමින් එම තීරණයන් අනුගමනය ද කර ඇත.
22. එහිදී සෙසු විනිසුරුතුමන්ලාගේ ද එක`ගත්වය සහිතව බණ්ඩාරනායක විනිසුරුතුමිය ඉංදියානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 25(1) ව්‍යවස්ථාවේ සඳහන් ව්‍යාප්ත කිරීම (^Propagate& නම් වූ වචනයට දී ඇති අර්ථ නිරූපනයට යොමු කරමින් නිරීක්‍ෂණය කර ඇත්තේ මෙසේය.
‘‘… ව්‍යවස්ථාවෙන් ඉඩ සලසා ඇත්තේ අන් යමෙකු තමන්ගේ ආගමට හරවා ගැනීමේ අයිතියක් නොව තම ආගමේ ඇදහිලි සම්පේ‍්‍රෂණය කිරීම හෝ පතුරුවාලීමේ අයිතියකි.’’
23. ඒ අනුව එතුමිය විසින් නිරීක්‍ෂණය කරනු ලබන්නේ ‘‘ඉන්දියානු ආණ්ඩුක‍්‍රම පනතින් එහි 25(1) ව්‍යවස්ථාවේ ‘‘ව්‍යාප්ත කිරීම’’ යන වචනය විශේෂිතව සඳහන් කරන අතර අප ව්‍යවස්ථාව එම වචනය සඳහන් නොකරන බවත්, එම නිසා අපගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප‍්‍රතිපාදනයන් ඉන්දියානු ආණ්ඩුක‍්‍රම පනතේ 25(1) ව්‍යවස්ථාවේ සඳහන් ප‍්‍රතිපාදනයන්ට වඩා සීමා සහිත බවත්ය.’’ ඇය තවදුරටත් නිරීක්‍ෂණය කර ඇත්තේ එම තත්ත්වය අනුව ශ‍්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ අංක 2/2001 තීරණයෙහි ද පෙන්නුම් කර ඇති පරිදි ඉන්දීය අග‍්‍ර විනිශ්චයකාර රේ දක්වා ඇති හේතූන් වඩාත් ප‍්‍රබල ලෙස අපගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 10 හා 14(1) (ඉ) ව්‍යව ස්ථාවන් කෙරෙහි යොදා ගත හැකි බවයි. (10 ඇමුණුම)
24. ඉහතින් සඳහන් කළ ශ‍්‍රී ලංකාවේ මෙන්ම විදේශයන්හි උපරිම අධිකරණ වල තීරණයන්ගෙන් පෙනී යන්නේ කිසිදු පුද්ගලයෙකුට හෝ පුද්ගලයින්ගෙන් සමන්විත සංවිධානයකට යම් කිසිවකු තමන්ගේ ආගමින් තවත් ආගමකට හැරවීම හෝ හැරවීමට උත්සාහ කිරීම, අයිතියක් වශයෙන් සිදු කිරීමට නීතියෙන් අවසරයක් ලබා දී නොමැතිය යන්න විශ්වයම පිළිගෙන ඇති කාරණයක් බවයි. නිදසුනක් වශයෙන් තම ආගමට අන් ආගම්වලට අයත් අය හරවා ගැනීම තම ආගමේ අත්‍යාවශ්‍ය වූ අංගයක් බවටත්, එම නිසා එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා යම් ක‍්‍රියාවලියක යෙදීම සෑම ක‍්‍රිස්තු ලබිධිකයෙකුම බැඳී සිටින්නා වූ යුතුකමක් බවටත් යම් ක‍්‍රිස්තු ලබිධිකයෙකු අවංකවම විශ්වාස කිරීමට ඉඩ ඇත. එහෙත් මෙහිදී වැදගත් වන්නේ යම් ආගමක ඉගැන්වීම කුමක්ද යන්න හෝ තම යුතුකම වන්නේ මෙම දේ යයි යම් ආගමික අනුගාමිකයෙකු දරන විශ්වාසය කුමක්ද යන්න හෝ නොව, අන් අයෙකුගේ අයිතිය උල්ලංඝනය වීමක් ඉන් සිදුව ඇත්තේද යන්නය.
එවැනි අයෙකුට දී ඇති නිදහස වන්නේ අන් ආගමකට අයත් අයෙකු තම ආගමට හරවා ගැනීමට නොව, ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 15(7) අනු ව්‍යවස්ථාවේ සඳහන් සීමා කිරීම් වලට යටත්ව,
එනම් ‘‘… රාජ්‍ය ආරක්ෂාව ද රටේ යහපත් පැවැත්ම ද තහවුරු වීම පිණිසත්, මහජන සෞඛ්‍යය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිසත්, අන්‍යයන්ගේ අයිතිවාසිකම් හා නන් වැදෑරුම් නිදහස නිසි පරිදි පිළිගන්නා බවට සහ ඊට නිසි පරිදි ගරු කරන බවට වගබලා ගැනීම පිණිසත් සමාජයක පොදු ශුභ සාධනය සඳහා යුක්ති සහගතව අවශ්‍ය දෑ සපුරාලීම පිණිසත් නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම් වලට යටත්වය. එනම් 14(1)(ඉ) අනු ව්‍යවස්ථාවෙන් තම ආගම ‘‘ප‍්‍රකාශ කිරීමට ^Manifest& යමෙකුට දී ඇති නිදහස 15(7) අනු ව්‍යවස්ථාවේ ඇති එකී සීමා කීරීම් වලට යටත්ය …’’ ශ‍්‍රී ලංකාවේ ශේ‍්‍රෂ්ඨාධිකරණයට අනුව එම ‘‘සීමා කිරීම්’’ නීත්‍යානුකූල ලෙස පැනවිය හැකිය. එලෙස පැනවිය හැකි සීමාවන් සමහරක් වන්නේ අයුතු බලපෑමට, පෙළඹවීමට, වංචාවට, බලහත්කාරකමට හෝ වෙනත් සදාචාර විරෝධී ක‍්‍රියාවන් හට යටත් කිරීම්ය.
25. කෙසේ වෙතත්, ඉහත කී ශ්‍රේෂ්ඨාධිකරණ අංක 2/2001 හි තීරණය (2 ඇමුණුම) සලකා බැලීමේදී පෙනී යන්නේ 15(7) අනු ව්‍යවස්ථාවේ ඇති ඉහත සීමාවන් සැලකිල්ලට නොගත්තාම වුව ද, එම නිදහස වන්නේ අයුතු බලපෑමකට, පෙළඹවීමකට හෝ වංචාවකට යටත් නොවූ නිදහස බව තීරණය කිරීමට 10 වන ව්‍යවස්ථාවේ සඳහන් ප‍්‍රතිපාදනයන් සැලකිල්ලට ගැනීම පමණක් ප‍්‍රමාණවත් බවය.
26. එම නිසා ඉතා පහසුවෙන් නිගමනය කළ හැකි වන්නේ ස්වයං අවබෝධයෙන් හා ස්වේච්ඡුාවෙන් කෙනෙකුට තම ආගමින් වෙනත් ආගමකට හැරීමට අවසර තිබෙන අතර, අවසරයක් නොමැත්තේත්, විරෝධයක් පවතින්නේත් බලයෙන්, වංචාවෙන් පොළඹවා ගැනීමෙන් හෝ වෙනත් සදාචාර විරෝධී ක‍්‍රම යොදා ගනිමින් අන්‍ය ආගමකට හරවා ගැනීම බවයි.
2 වන පරිච්ඡේදය
වර්තමාන බෞද්ධ අසහනයට මුල් වූ හේතු සාධක සහ අපේක්‍ෂා භංගත්වය.
29. 1954 අපේ‍්‍රල් 02 දින සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් පත් කරන ලද, බෞද්ධ තොරතුරු පරීක්ෂක සභාවේ වාර්තාව, 1956 පෙබරවාරි 04 වෙනි දින එළි දක්වන ලදී. එම වාර්තාව නිගමන 41 කින් සමන්විත ය. එහි තුන් වෙනි, හතර වෙනි සහ පස් වෙනි නිගමනයන් වූයේ ත
තුන් වෙනි නිගමනය :- ‘‘1815 උඩරට ගිවිසුමෙන් ඉංගී‍්‍රසීන් විසින් භාර ගන්නා ලද එතෙක් බෞද්ධ රජ දරුවන් විසින් පාරම්පරිකව පවත්වාගෙන එන ලැබූ, බුද්ධ ශාසනය පිළිබඳ විශේෂ අයිතිවාසිකම් සියල්ල පවරා දීම සඳහා බුද්ධ ශාසන ආඥා පනත නමින්, ව්‍යවස්ථාවක් ඇති කොට, ඒ මඟින් නීති ගත කළ බුද්ධ ශාසන මණ්ඩලයක් පත් කිරීම පිණිස වහා ම ආණ්ඩුව කි‍්‍රයා කළ යුතුය. එකී බුද්ධ ශාසන මණ්ඩලය ඡුන්දයෙන් හා පත් කිරීම්වලින් තෝරා ගන්නා ලද සංඝයාගෙන් හා ගිහියන්ගෙන් ද යුක්ත විය යුතුය.’’
හතර වන නිගමනය :- ‘‘පහත සඳහන් කරුණු ගැන විමසා, වාර්තා කිරීමට පොදු කොමිෂන් සභාවක් පත් කළ යුතුය.
(අ) ආගමික මණ්ඩලයන්ගේ ආර්ථික, සමාජ සේවා හා දේශපාලන කි‍්‍රයා කලාපයන්,
(ආ) 1948 වර්ෂයෙන් පෙර, සමාජයෙහි එක්තරා ජන සමූහයකට නොහොත් ආගමකට වාසි හෝ අවාසි හෝ වන සේ පනවා ඇති නීති-රීති,
(ඉ) ආගමික මණ්ඩලවල ආදායමි මාර්ග හා ඒවායේ පරිපාලනය යනු ඒ කරුණු ය.’’
පස්වෙනි නිගමනය:- ‘‘ආගමික පුණ්‍යාධාර මණ්ඩලයන් පිළිබඳව පහත සඳහන් කරුණු ගැන සළකා වහා ම ව්‍යවස්ථාවක් පැණවිය යුතුය. ඒ වූ කලී ත
(අ) ඒවා භාරකාර නීතියට යටත් කිරීම පිණිස ද,
(ආ) ඒවායින් උපදවන ආදායමට සැසඳෙන ආදායම් බද්දක් ගෙවීමට සැළැස්වීම පිණිස ද,
(ඉ) බි‍්‍රතාන්‍ය පාලන කාලය තුළ ඉඩ කඩම් විශාල වශයෙන් රාජ සන්තක කිරීමෙන් හා රාජකාරි ක‍්‍රමය අවුල් කර දැමීමෙන් පුරාණ විහාරස්ථාන ඉතා දිළිඳු බවකට පත් කරනු ලැබ ඇති හෙයින් ද බෞද්ධ රජ දරුවන් විසින් අය බද්දෙන් නිදහස් කොට පූජා කර ඇති හෙයින් ද රජ කාලයෙහි පූජා කළ ඉඩ කඩම් පමණක් අය බද්දෙන් නිදහස් කිරීම පිණිස ද,
(ඊ) ලංකාවේ නීතියටිඔයැ ඵදරඑප්සබ ්බා ක්‍ය්රසඒඉකැ ඹිැි ්ජඑ’ නම් ඉංග‍්‍රීසි නීතියෙන් ලැබෙන බලය ලබා දීම පිණිස ද වේ. එසේ ම ඒ මඟින් දේශපාලනික වූත් වෙළහෙළෙඳාම පිළිබඳ වූත් කෘෂිකර්මය පිළිබඳ වූත් භූමීන්ට ආගමික පුණ්‍යාධාර මණ්ඩලයන් පිවිසීම වැළැක්විය යුතුය.’’
30. 1956 පැවති රජයේ නිර්දේශ මත අග‍්‍රාණ්ඩුකාරතුමා විසින් 1957 මාර්තු මස 04 දින බුද්ධ ශාසන කොමිසමක් පත් කරන ලදී. නමුත් එම කොම්ෂන් සභාවේ කාර්ය භාරයන් වූයේ 1956 බෞද්ධ තොරතුරු පරීක්‍ෂක සභාවෙහි නිගමනයන්හි වූ කරුණු නොව වෙනත් විකල්ප යෝජනා ය. එහි කාර්ය භාරය වූයේ :-
(1) ‘‘සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය මඟින් පත් කරන ලද බෞද්ධ තොරතුරු පරීක්ෂක කාරක සභාව විසින් නිකුත් කරන ලද වෂ_ 1956 පෙබරවාරි 4 වැනි දින දරණ වාර්තාවේ සඳහන් කරුණු අතුරින් :-
(අ) බුද්ධ ශාසනයේ අභිවෘද්ධි වර්ධනය සඳහා බුද්ධ ශාසන මණ්ඩලයක් පිහිටුවීම,
(ආ) සංඝයා වහන්සේ හා සම්බන්ධ වූ කරුණු පිළිබඳ ඒකායන අධිකරණ බලය ඇති සංඝාධිකරණ මණ්ඩලය සංස්ථාපනය කිරීම හා සම්බන්ධ වූ යෝජනා,
(2) (අ) බෞද්ධ විහාර දේවාලය ගම් පිළිබඳ කාර්යක්ෂම පරිපාලනය පවත්වා ගැනීම හා ඒවා පරීක්ෂණයට
භාජන කිරීම,
(ආ) භික්ෂූන් වහන්සේලා පුහුණු කරවීමත්, උන්වහන්සේලාගේ අධ්‍යාපනයත් සම්බන්ධයෙන් පහසුකම් සැළසීම හා එබඳු පහසුකම්වල ස්වභාවය හා සීමාව නියම කිරීම,
(ඉ) විනයානුකූලව ශ‍්‍රමන භූමියට ඇතුළත් නොවූ තැනැත්තවුන් භික්ෂු වේෂධාරීව සිටීම නැවැත්වීම,
යන කරුණු සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විධි විධාන.
(3) බුද්ධ ශාසන මණ්ඩලයෙන් හෝ බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සඳහා පිහිටුවා ගත හැකි සෙසු කිසියම් සංස්ථාවකින් පාලනය කරවා ගැනීම හෝ පිළිගනු ලැබීම සඳහා බෞද්ධ පූජනීය ස්ථාන ලියාපදිංචි කිරීම සහ
(4) ලංකාද්වීපයේ බුද්ධ ශාසනය යථාතත්ත්වයට නැංවීම සඳහා අවශ්‍ය හැටියට ඔබට හැඟී යන, ඉහත දැක් වූ කරුණු හා ආගන්තුක වූ හෝ නොවූ සෙසු කිසියම් කරුණක් ද වේ’’
31. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන වාර්තා 4 හි නිගමන වූ ‘‘ආගමික මණ්ඩලවල ආදායම් මාර්ග සහ ඒවායේ පරිපාලනය සම්බන්ධයෙන් වූ නිගමනය පිළිබඳව පරීක්ෂා කිරීම’’ අභාග්‍යයකට මෙන් රජයේ ඉහත 1956 බෞද්ධ කොමිෂන් සභාවේ කාර්ය භාරයට ඇතුළත් වී නොමැත. මේ කරුණ අයථා ලෙස අන්‍යාගමික කිරීමේ ප‍්‍රශ්නයට බෙහෙවින් අදාල වන්නේ ය යන්න අපගේ කොමිසමේ අදහස යි.
32. බුද්ධ ශාසන කොමිසමේ කොමසාරිස්වරුන් වශයෙන් නම් කරණු ලැබුවේ, කළුකොඳයාවේ පඤ්ඤාසේඛර මහා නායක ස්ථවිර, (සභාපතිි) මොට්ටුන්නේ ඉන්දසාර නායක ස්ථවිර, කෙසෙල්වතුගොඩ ශී‍්‍ර රතනජෝති නායක ස්ථවිර, හාල්දඬුවන ධම්මරක්ඛිත ස්ථවිර, බලංගොඩ ආනන්ද මෛත‍්‍රීය නායක ස්ථවිර, දඹවින්නේ සුමනසාර නායක ස්ථවිර, කොටහේනේ පඤ්ඤාකිත්ති ස්ථවිර, ඉඳුරුවේ උත්තරානන්ද ස්ථවිර, මඩිහේ පඤ්ඤාසීහ මහා නායක ස්ථවිර, හේන්පිටගෙදර ඤානසීහ ස්ථවිර යන භික්ෂූන් වහන්සේලා ද එච්. බී. කිරිමැටියාවේ දිසාව, පී. ද එස්. කුලරත්න, ටී. බී. එස්. ගොඩමුනේ, සී. ඞී. එස්. සිරිවධ_න, සී. පී. සිරිවධ_න යන මහත්වරු ද වේ. ලක්ෂ්මන් ද මැල් මහතා කොමිසමේ ලේකම් වශයෙන් රාජකාරි කළේය. මෙම කොමිෂන් සභාව දීර්ඝ කරුණු විමසීමකින් පසු ඉතාමත් ම වැදගත් වූ නිගමනයන් අග‍්‍රාණ්ඩුකාර උතුමාණන් වෙත කොමිෂන් සභා වාර්තාව 1959 ජූලි 07 වෙනි දින ඉදිරිපත් කරන ලදී. කොමිෂන් සභාව වෙත පැවරුණු කාර්ය භාරයන් අතුරෙන් 2(4) වන උප ෙඡ්දයේ සඳහන් වෙනත් කරුණු යටතේ පහත සඳහන් නිගමන ඉදිරිපත් කොට ඇත.මෙයින් යම් තාක් දුරට ආගමික මණ්ඩල පිහිටු වීම සහ පරිපාලනය පිළිබඳ ව සඳහන් කර ඇත. :-
33. එකී කොමිෂන් සභා වාර්තාවේ 9 වන පරිච්ෙඡ්දයන් වෙනත් කරුණු යටතේ පහත සඳහන් නිගමන ඇතුළත් කර තිබේ.
1. බුද්ධ ශාසන මණ්ඩලය පිහිටුවීමෙන් පසු පෝය නිවාඩු ප‍්‍රශ්නය තීරණයට පැමිණ විය යුතුයි.
2. රජය මඟින් චිත‍්‍රපටි නිපදවීමේ මධ්‍යස්ථානයක් පිහිටු විය යුතුයි.
3. කාමුක අදහස් ගැබ් කොට ඇති සින්දු ගුවන් විදුලියෙන් ප‍්‍රචාරය කිරීම නොපමාව නැවැත්විය යුතුයි.
4. මෙරට ශිෂ්ටාචාරය අනුව පොත් හා චිත‍්‍ර පිළිබඳ සභ්‍යත්වය හෝ අසභ්‍යත්වය නිගමනය කරණු පිණිස මණ්ඩලයක් පත් කළ යුතුයි. අධිකරණ විනිශ්චයෙහි දී බලපැවැත්විය යුත්තේ ද ඒ මණ්ඩලයෙහි නිගමනය පමණෙකි.
5. බෞද්ධයන් නොමඟ යා හැකි පරිදි බුදු බණ වෙනස් කර දක්වන ශාසන විරෝධ පොත් පත් තහනම් කිරීමට බුද්ධ ශාසන මණ්ඩලය පිහිටු වූ පසු ව්‍යවස්ථාවක් ඇති විය යුතුයි.
6. බුද්ධ ශාසන මණ්ඩලයෙන් අවසර ලබා ගත් වෙළෙඳුන්හට පමණක් සිවුරු පිරිකර විකිණීමට බලය දිය යුතුයි.
7. බුදුපිළිම හා බෞද්ධ චිත‍්‍ර විකිණීමට බුද්ධ ශාසන මණ්ඩලයෙන් අවසර ලබා ගත යුතුයි. එසේ නොමැතිව විකුණන්නවුන්හට විරුද්ධව නීති මඟින් කි‍්‍රයා කිරීමේ බලය බුද්ධ ශාසන මණ්ඩලය සතු විය යුතුයි.
8. දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව ඇති වනගත පූජනීය ස්ථාන පිළිබඳ අයිතිය බුද්ධ ශාසන මණ්ඩලයට පැවරිය යුතුයි.
9. සියළු ම ආගමිකයන්ගේ හා සියළු ජාතිකයන්ගේ විවාහයන් පොදු රෙජිස්ට‍්‍රාර්වරුන් විසින් ලියාපදිංචි කළ යුතුයි.
10. සෑම නිකායකට ම මධ්‍යස්ථානයක් තිබිය යුතුයි. එය නිකායේ මහා නායක පදවිය ලබන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ වාසස්ථානය ද විය යුතුයි.
11. ආගමික හා පුණායතනවලට අයත් බලතල හා ඒවායේ කටයුතු පිළිබඳ සම්පූර්ණ පරීක්ෂණයක් වහා ම පැවැත්විය යුතුයි. ඒ ආයතන පිළිබඳ අළුත් නීති පද්ධතියක් සකස් කිරීමත් රජයෙන් වහා ම කළ යුතුයි.
34. ඉහත කී නිගමනවලට පාදක වූ කොමිෂන් සභා වාර්තාවේ 976, 977, 978 සහ 979 ෙඡ්ද පහත පල වේ.
‘‘976. ලංකාවේ රජයත් ආගමික සංවිධානත් අතර (මෙවැනි* සටනක් කිසි දිනක නොවීය. සිංහල රජ දරුවන් යටතේ ආගමත් රජයත් අතර දැඩි සම්බන්ධයක් පැවතිණි. එහෙත් අපරදිගින් පැමිණි ආක‍්‍රමණිකයන්ගේ පාලනයට මේ දිවයින පත් වූවාට පසු සමාජයේ තදබල විපරියාස ඇති කිරීමට ඔවුන් විසින් කි‍්‍රස්තියානි ආගම යොදවන ලදී. එහෙයින් එංගලන්තයේ කි‍්‍රස්තියානි සංවිධානවලට හිමි නොවන සීමා නොවූ විශේෂ බලතල රාශියක් ලංකාවේ කි‍්‍රස්තියානි ආයතනවලට පවරන ලදී.
977. පුණායතන පාලනය පිළිබඳව ඉංගී‍්‍රසි නීතියේ ඇති අණ පනත් බොහොමයක් අප රට පාලකයන් විසින් තව ම ආදර්ශයට ගෙන නැත. උදාහරණයක් දක්වතොත් පුණ්‍යායතන අනිවාර්යය වශයෙන් ද ලියාපදිංචි කිරීමට නීතියක් අප රට නැත්තේ ය. පුණ්‍යායතනවලට අයත් ඉඩ කඩම් හා එයින් ලැබෙන ආදායම යොදවන ක‍්‍රම ගැන පරීක්ෂා කිරීමට එංගලන්තයේ පුණ්‍ය කොමසාරිස්වරුන් වැනි නිලධාරීහු මෙහි නැත්තා හ. ඉංගී‍්‍රසි නීතිය යටතේ පුණ්‍යායතන පාලනය පිළිබඳව රජය වෙත පැවරී ඇති විශේෂ බලතල ලංකාවේ පුණ්‍යායතන කෙරෙහි අප රජය කලාතුරකින්වත් කි‍්‍රයාවේ නොයොදයි.
978. පුණ්‍යායතන පිළිබඳ නිසි පාලනයක් නොමැති වීමෙන් ඇති වී තිබෙන ප‍්‍රතිඵල භයානක ය. තම තමන්ගේ පුද්ගලික ප‍්‍රයෝජනය සඳහා වංක පුද්ගලයන් හට පුණ්‍යායතන ඇති කිරීමට අප රටේ පිළිවන්කම තිබේ. මේ ගැන පුණ්‍යායතන සාක්ෂි දුන් අවස්ථාවල දී අපගේ සැලකිල්ල යොමු කරවන ලදී. එපමණක් නොව ආගමික ආයතන හා පුණ්‍යායතනවලට බැඳී එහි ඉඩ කඩම් ආදිය පෞද්ගලික ප‍්‍රයෝජනය සඳහා උපයෝගී කර ගැනීමට එවැනි වංක පුද්ගලයන්හට අවස්ථා තිබේ. මෙවැන්නවුන් හට විරුද්ධව කටයුතු කිරීමට නීතියෙන් ඉඩක් ඇති බවක් නොපෙනේ. එසේ ඉඩක් ඇතොත් ඒ අනුව කටයුතු කිරීම ඉතා කරදර සහිත වේ. මේ සියල්ලට ම වඩා ඉතා ම භයානක වූවක් ලෙස අපට පෙනී යන්නේ නීති ගත කළ පුණ්‍යායතනවලට පැවරී ඇති සීමා රහිත වරප‍්‍රසාද හා බලතල සමුදාය යි. විශේෂයෙන් ම දේපල පිළිබඳ බලතල යි. ලංකාවේ නීති ගත කළ ආගමික හා පුණ්‍යායතන වලට ස්වකීය දේපල ප‍්‍රයෝජනයට ගැනීමට ද තිබෙන බලය කෙබඳු දැයි ඒ දේපල ප‍්‍රයෝජන ගන්නා ආකාරය විමසා බැලීමට උසාවියටවත් ඉඩක් නැති වීමෙන් පැහැදිළි වේ. මෙබදු සීමා රහිත බලයක් එංගලන්තයේ ආගමික හා පුණ්‍යායතනවලට වත් ලැබී නැත. මෙබඳු ආයතනවලට උචිත නොවූ බාහිර ව්‍යාපාරවලට පවා ස්වකීය දේපල යොදවන්නට ලංකාවේ නීති ගත කළ ආගමික හා පුණ්‍යායතනවලට මෙයින් බලය ලැබී තිබේ. තමන් කරන දේ පිළිබඳ වගකීමෙන් ගැලවීමට නීති ගත ආයතනවල පුද්ගලයන්හට නිදහස තිබෙන හෙයින් ආගමික හා පුණ්‍යායතනවලට නියම වශයෙන් අයත් නොවන කටයුතුවල නිරත වීමට මේ පුද්ගලයන්හට අවසර ලැබී තිබේ. මෙසේ ලංකාවේ ආගමික හා පුණ්‍යායතනවලට, එබඳු සංස්ථාවලට, නීතියෙන් හිමි විය යුතු කිසිඳු වගකීමක් පැවරී නැත. ආගම් කීපයකට අයත් විවිධ ජාතීන් වෙසෙන ලංකාව වැනි රටක මේ ආයතන මඟින් මෙවැනි විශාල බලතල පවරා ගැන්ම මෙන් ම ඒවා සීමාව ඉක්මවා පාවිච්චි කිරීම නා නා ලබ්ධිකයන් අතර අද දක්නට ලැබෙන නොසන්සුන් බවට හා අසමඟියට හේතු වී තිබේ.
979. නීතිය සංශෝධනය කළ යුත්තේ කෙසේ ද යන්න ගැන මෙහි දී යෝජනා ඉදිරිපත් කිරීමට අපි අදහස් නොකරමු. එවැනි සංශෝධනයක් බෞද්ධායතන කෙරෙහි පමණක් නොව අන්‍යාගමිකයන්ගේ ආයතන කෙරෙහි ද බලපාන හෙයින් ඒ ඒ ආගමික හා පුණ්‍යායතනවල ව්‍යවස්ථා හා කටයුතු පිළිබඳව නිසි පරීක්ෂණයක් කොට නීති සංශෝධනය කළ යුතු වේ. එවැනි පරීක්ෂණයක් පැවැත්වීමට අප වෙත පැවරී නැති හෙයින් ඒ පිළිබඳව යෝජනා ඉදිරිපත් කරීමට අපි මැළි වෙමු. එහෙත් ආගමික හා පුණ්‍යායතනවලට අයත් බලතල හා ඒවායේ කටයුතු පිළිබඳ සම්පූර්ණ පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි ද ඒ පිළිබඳ අළුත් නීති පද්ධතියක් සකස් කිරීමක් රජයෙන් වහා ම සිදු විය යුතු යැයි ද අපි යෝජනා කරමු.’’
35. මෙම යෝජනා ක‍්‍රියාත්මක කිරීම කළ යුතු වූ එකල පැවති රජය 1959 සැප්තැම්බර් 26 දින සිදු වූ අගමැති එස්. ඩබ්. ආර්. ඞී බණ්ඩාරණායක මහතාගේ ඝාතනයත් සම`ග බිඳ වැටුනි. එම ඝාතනය පිටුපස සිටි අදෘශ්‍යමාන බලවේගය මෙම යෝජනාවලියෙන් තැති ගැන්මකට පත් වූවා ද යන්න විමසිය යුතු කරුණකි.
36. මේ නිරීක්ෂණ හා නිගමන ඉදිරිපත් කරන ලද්දේ 1959 වෂ_යේ දීය. මෙය 2008 වෂ_ යයි. එදා මෙදා තුළ ආගම්වාදී අන්‍යාගමික ආක‍්‍රමණය ඉතා තීක්ෂණ ලෙස වර්ධනය වී ඇත. එම වධ_නයට තෝතැන්නක් වූයේ කොමිෂන් සභාවේ නිගමනයන් පිලිබඳව නිසි කි‍්‍රයා මාර්ගයන් ගැනීමට එතෙක් මෙතෙක් පැවති කිසිඳු රජයක්් ස්ථිරසාර කි‍්‍රයා මාර්ගයක් නොගැනීම හේතු කොට ගෙන ය. ඉතා ම වැදගත් නිර්දේශයන් රැුගත් එම කොමිෂන් සභාවේ නිගමන, 1959 පසු පැවති රජයන් විසින් කි‍්‍රයාත්මක කළේ නම් දැනට බුද්ධ ශාසනයට මුහුණ දීමට සිදුව ඇති මෙම ගැටළු නිරාකරණය වීමට ඉඩ තිබුණි. නමුත් අවාසනාවකට මෙන් බෞද්ධ යයි කියා ගන්නා රජයන් විසින් නොයෙකුත් ආගමික හා ජාත්‍යන්තර බලපෑම් මත එම නිගමනවලට දුන්නේ කුඩම්මාගේ සැලකිල්ලකි. එකල තර්ජනයක්ව තිබූ කතෝලික ආක‍්‍රමණය පිළිබඳව වූ කරුණු, එල්. එච්. මෙත්තානන්ද මහතා පුමුඛ බෞද්ධ නායකයින් විසින් හෙළි කිරීමට යෙදුනි. එහි ප‍්‍රතිඵලය වූයේ රජයට විශාල වශයෙන් බලපෑම් එල්ල වීම ය. එම අවස්ථාවේ දී වටහාගෙන තිබුණේ වැඩි වශයෙන් ම අන්‍යාගමිකකරණයට ගොදුරු වන්නේ පාසැල් දරුවන් බව ය. එම ව්ෂය පිලිබඳ දීර්ඝ ලෙස සාකච්ඡුාවකින් පසු, එයට මුල් වූ පෞද්ගලික පාසල් අන්‍ය ආගමික මෙන් ම බෞද්ධාගමික සංවිධානවලින් ද පවත්වා ගෙන යෑම තහනම් කරමින්, සියළු ම ආගම්වලට අයත් පාසල් රජයට පවරා ගැනීමට යෙදුනි. එම ප‍්‍රයත්නය ආරම්භයේ දී සාර්ථක භාවයක් පෙන්නුම් කළ ද ඉන් පසු වෂ_වල දී දේශීය වශයෙන් මෙන් ම ජාත්‍යන්තර වශයෙන් එම අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයන්ට විශාල වශයෙන් බලපෑම් ඇති වූ බව 2002 කොමිෂන් සභා වාර්තාවෙන් එළිදැක්වූ කරුණු මත නිශ්චය කළ හැකි ය.
37. බෞද්ධයිනට, බෞද්ධයාගේ පැවැත්මට අත්‍යවශ්‍ය යයි කියන්නා වූ සුළු යෝජනා කිහිපයක් කි‍්‍රයාවට නැංවීම හැරෙන්නට, බෞද්ධාගම ආගම්වාදී අන්‍යාගමික ආක‍්‍රමණයෙන් බේරා ගැනීම සඳහා සහ බෞද්ධාගම පෝෂණය කිරීම සඳහා යෝජිත වූ කරුණුවලට එතෙක් සිට පැවති කිසිම රජයක් කන් දී නොමැත.
38. මේ අතර තුර සිදු වූ එක් වැදගත් සංධිස්ථානයක් නම් අතිගරු ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතාගේ පාලන සමයේ දී බුද්ධ ශාසන අමාත්‍යංශයක් පිහිටුවීම ය. ඒ අමාත්‍යංශයේ කාර්ය භාරය පිළිබඳව සම්මන්ත‍්‍රණයක් 1990 අගෝස්තු 20 – 22 තෙදින තුළ පැවැත්විණි. එම සම්මන්ත‍්‍රණයේ දී ජනාධිපතිතුමා මෙන් ම නොයෙකුත් ගිහි පැවිදි උගත් විද්වත් දේශකයන් විසින් තම අදහස් ඉදිරිපත් කරන ලදී. එම සම්මන්ත‍්‍රණයේ දී ඉදිරිපත් වූ කරුණු ඇතුළත්ව සකස් කරන ලද යෝජනා පහත සඳහන් විෂයන් යටතේ විය.
1. මහා සංඝරත්නය, බෞද්ධ ආයතන, පොදු ජනතාව හා බුද්ධ ශාසන අමාත්‍යංශය අතර පැවතිය යුතු සම්බන්ධතා.
1 – 1 උත්තරීතර අනුශාසක මණ්ඩලය
බුද්ධ ශාසන අමාත්‍යංශයට මඟ පෙන්වීමටත්, අවශ්‍ය අනුශාසනා හා උපදෙස් දීමටත්, ගිහි පැවිදි දෙපක්ෂයෙන් ම යුත් උත්තරීතර අනුශාසක මණ්ඩලයක් පත් කළ යුතුයි. එය මහා නායක ස්වාමීන් වහන්සේලා සිවු නමකගෙන් ද උන්වහන්සේලාගේ උපදෙස් අනුව පත් කෙරෙන විනයධර, ධර්මධර භික්ෂූන් වහන්සේලා දොළොස් නමකගෙන් ද, දීප ව්‍යප්ත බෞද්ධ සංවිධාන, සිල්මාතාවන්, බෞද්ධ ප‍්‍රභූන් හා තරුණ පිරිස නියෝජනය කරන ගිහියන් නම දෙනෙකුගෙන් ද සමන්විත වීම යෝග්‍ය ය. තෙවසරකට වරක් සාමාජිකත්වය අළුත් කළ හැකි වන සේ ද, අවම වශයෙන් වසරකට සිවු වරක් රැුස්වන ලෙස ද අවශ්‍ය වාර්තා පිළියෙල කළ යුතු වේ. තව ද උත්තරීතර අනුශාසක මණ්ඩලයේ කටයුතු කාර්යක්ෂම ලෙස කිරීම සඳහා ලේකම්වරයෙකු හා අවශ්‍ය අනෙකුත් නිලධාරීන් බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් සැපයිය යුතුයි.
1 – 2 සිට 6. බෞද්ධ සමිති, ශාසනාරක්ෂක සමිති පද්ධතිය, අමාත්‍යංශයේ නිලධාරීන් හා ක්ෂේත‍්‍ර නිලධාරීන්, විහාරස්ථාන ලේඛන, බුද්ධශාසන අරමුදල හා අනෙකුත් අරමුදල්
2. භික්ෂු අධ්‍යාපනය හා පුහුණුව.
2 – 1 සිට 10. භික්ෂු අධ්‍යාපනයේ අරමුණු හා පරමාර්ථ, භික්ෂු අධ්‍යාපන ව්‍යුහය, පිරිවෙන් විෂය මාලාව, විභාග, පිරිවෙන් අධ්‍යාපනයේ ප‍්‍රගතියට නිර්දේශ කරන පියවර, උසස් අධ්‍යාපනය සඳහා දැනට පිහිටුවා ඇති ආයතන, ප‍්‍රාචීන භාෂෝපකාර සමිතිය මඟින් පවත්වනු ලබන විභාග, උත්තර භික්ෂු අධ්‍යාපන මණ්ඩලය, බෞද්ධ පුස්තකාල, බෞද්ධ අධ්‍යාපනික සංකිර්ණයන්
3. බෞද්්ධ ආචාර ධර්ම ප‍්‍රචලිත කිරීම හා ධර්ම¥ත කටයුතු.
3 – 1 සිට 14. පංචශිල පටිපදාව, ධර්මාශෝක ප‍්‍රතිපත්තිය, වෙසක් පොසොන් උත්සව, පසළොස්වක පොහෝ දින, ධම්මපද අධ්‍යයනය, පුණ්‍ය භූමි, සංස්කෘතික මධ්‍යස්ථාන, ජනමාධ්‍ය, ධර්ම ප‍්‍රචාරය, විදේශික ශිෂ්‍යයින්ට බුදු දහම හැදෑරීමේ පහසුකම්, විදේශයන්හි ඇති බෞද්ධ විහාර, බෞද්ධ තොරතුරු, බෞද්ධ කොඩිය
4. ව්‍යවස්ථා සම්පාදන කටයුතු
4 – 1 සිට 8. සංඝාධිකරණය, අනුවිඡ්ඡුක සභා, සිද්ධස්ථාන පනත, සිද්ධස්ථානවලට අයත් දේපල, සිද්ධස්ථානවලට අයත් කුඹුරු ඉඩම්, පූජා ඔප්පු, පූජා ඉඩම් පිළිබඳ පාලනය, විහාරස්ථානයක් සතුව පවතින චංචල හා නිශ්පල දේපල
4 – 9 අබෞද්ධයන්ට සාංඝික ඉඩකඩම් බදු නොදිය යුතුයි. මේ සඳහා වගන්තියක් කතිකාවත්වලට හා විහාර දේවාලගම් පනතට ද ඇතුළත් කළ යුතුය.
4 -10 පෞරාණික විහාරස්ථානවල ඇති කෞතුක භාණ්ඩ, පොත් පත්, ලිපි ලේඛන පිළිබඳ සමීක්ෂණයක් කර ඒවා සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් බුද්ධ ශාසන අමාත්‍යංශය මඟින් කි‍්‍රයාත්මක කළ යුතුය.
4 -11 විහාර දේවාලගම් පනත
4 -12 භික්ෂුන් වහන්සේලාගේ ආරක්ෂාව:- භික්ෂුන් වහන්සේලා ලෙස ව්‍යාජ අන්දමින් පෙනී සිටින ඇතැම් අය ශාසනයට හානි පමුණුවන හෙයින් භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කර ගැනීම සඳහා විහාර දේවාලගම් පනතේ 42 වැනි වගන්තියේ සඳහන් ව්‍යාජ ලෙස පෙනී සිටින අය සම්බන්ධයෙන් ගත යුතු කි‍්‍රයා මාර්ගය වඩාත් සාර්ථක අන්දමින් කි‍්‍රයාත්මක කළ හැකි අන්දමට සකස් කළ යුතුය. ඒ සඳහා -
සග පුරවැසියන් ලියාපදිංචි කරන ක‍්‍රමය ආදර්ශයට ගෙන පහසුවෙන් අනන්‍යතාවය හා අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි අන්දමට සියළු ම භික්ෂූන් වහන්සේලා ලියාපදිංචි කළ යුතුය.
සසග අවුරුද්දක් හෝ අවුරුදු දෙකක් හෝ තුනක් හෝ පාසා මේ තොරතුරු යාවත්කාලීන කළ යුතුය.
සසසග භික්ෂු හැදුනුම්පත රජයේ සියළු ම කටයුතු සඳහා පිළිගැනෙන අන්දමට සකස් කළ යුකු අතර, ඡුායාරූපය හා පුද්ගලයා අතර අනන්‍යතාවය පවතින්නේ කෙටි කාලයකට නිසා අවුරුදු පහෙන් පහට හැදුනුම්පත් අළුත් කිරීමට පියවර ගත යුතුය.
සඩග හැදුනම්පතක් නැති අයෙකු ව්‍යාජ භික්ෂු කෙනෙකු විය හැකි හෙයින් හැදුනුම්පතක් නොමැතිව භික්ෂුවක් ලෙස පෙනී සිටින අයගේ නිර්ව්‍යාජත්වය පරීක්ෂා කර බලා වංචනිකව පෙනි සිටින අය සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගත යුතුය.
ඩග නොයෙක් අපරාධවල නිරත වන පුද්ගලයින් ව්‍යාජ ලෙස භික්ෂූන් වහන්සේලා ලෙස පෙනී සිටීම වැළැක්වීම සඳහා සෑම පියවරක් ම ගත යුතු අතර හැදුනුම්පතක් නිකුත් කිරීම පිළිබඳ කාර්ය භාරය පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා වෙත පැවරිය යුතුය.
ඩසග භික්ෂූන් වහන්සේලා හැර අනෙක් අය සිවුරු පරිහරණයෙන් වැළැක්විය යුතු අතර විනයානුකූල ලෙස සිවුරු පිළියෙල කරන්නේ ද යන්න පරීක්ෂා කර බැලිය යුතුය.
ඩසසග ජනසන්නිවේදන මාධ්‍ය මඟින් භික්ෂු චරිත නිරූපනය කෙරෙන අවස්ථාවන්හි දී භික්ෂූත්වයේ ගෞරවය සුරැුකෙන පරිදි එම චරිත නිරූපනය කෙරෙන්නේදැයි සොයා බැලීමට අමාත්‍යංශය පියවර ගත යුතුය.
ඩසසසග සිවුරක් භාවිත කළ හැක්කේ නීත්‍යනුකූලව ලියාපදිංචි වූ භික්ෂූන් වහන්සේ නමකට පමණක් වන සේ ව්‍යවස්ථා සම්පාදනය කළ යුතුය.
සංග භික්ෂු සංඝයා වෙනුවෙන් පිරිකර සකස් කරන වෙළෙඳ ආයතන සියල්ල ම බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලියාපදිංචි විය යුතු අතර, එම ආයතන ප‍්‍රමිති කාර්යාංශයේ පරීක්ෂණයට ලක් විය යුතුය.
ංග සැක පිට අත්අඩංගුවට ගනු ලැබූ හා ගනු ලබන භික්ෂූන් වහන්සේලාට රිමාන්ඞ් භාරයේ රැුදී සිටින කාලය තුළ ද උසාවියක් මඟින් වරදකරු බව ප‍්‍රකාශ කරන තුරු ද සිවුරු ඇඳ සිටීමට අවකාශ ලබා දිය යුතුය.
4 -13 බුද්ධ ශාසන කටයුතු සම්බන්ධයෙන් චිරාගත සම්ප‍්‍රදායානුකූලව ව්‍යවහාර කෙරෙන භාෂාමය යෙදුම් බුද්ධ ශාසනික නොවන කටයුතු සම්බන්ධයෙන් උපයෝගී කොට ගැනීම අධෛර්යමත් කළ යුතුය. රජයේ ආයතන විසින් මේ ප‍්‍රතිපත්තිය විශේෂයෙන් පිළිපැදිය යුතුය.
4 -14 ශී‍්‍ර ලංකාව තුළ නව ආගම් නොයෙකුත් මුහුණුවරින් පැතිරවීමේ කි‍්‍රයාදාමය කෙරෙහි විමසිලිමත්ව බලා රජය විසින් ක‍්‍රමවත් වැඩපිළිවෙලක් යෙදිය යුතු අතර ඒ සඳහා මෙම යෝජනාවල වෙනත් තැනක සඳහන් වන උත්තරීතර අනුශාසක මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතු වේ.
5. ළමයින් සහ තරුණ තරුණියන් අතර බෞද්ධ ධම_ අධ්‍යාපනය දියුණු කිරීම හා බෞද්ධාගමික ප‍්‍රතිපත්ති පිළිපැදීමට ඔවුන් උනන්දු කරවීම.
5 – 1 බෞද්ධ ජනතාවගේ ජීවිතවලට බුදු දහම සමීප කරලීම බුද්ධ ශාසන අමාත්‍යංශයේ වගකීමක් හෙයින් මෙම වගකීම ඉටුකරලීම සඳහා දරුවන් කුඩා කල සිට ම බුදු දහම ඔවුන්ට හඳුන්වා දීමටත් අවබෝධ කරවීමටත්, ඒ අනුව ඔවුන් හැඩගැස්වීමටත් අවශ්‍ය පියවර ගත යුතුය.
5 – 2 සිට 5. දහම් පාසල්, දහම් පාසල් විභාගය, දහම් පාසල් ගුරුවරුන්, දහම් පාසල් අධ්‍යාපනයට සහය දීම.
5 – 6 ළදරු පාසල් අධ්‍යාපනය
ස බෞද්ධ සාරධර්ම අනුව දරුවන් හැඩගැස්වීම සඳහා ළදරු පාසල් ආරම්භ කිරීමේ වැඩසටහනක් දීප ව්‍යාප්තව කළ යුතුය.
සස ළදරු අධ්‍යාපන නියාමකයන් වශයෙන් භික්ෂූන් වහන්සේලා මෙම පාසල්වලට පත් කළ යුතුය.
සසස එවැනි ළදරු පාසල් සඳහා උපකරණ සපයා දීමත්, ගුරුවරුන් පුහුණු කිරීමත් විධිමත්ව සිදු කළ යුතුය.
සඩ ළදරු පාසල් සඳහා ගුරුවරුන් තෝරා ගැනීමේ දී ළදරු අධ්‍යාපනය ගැන පුහුණුවක් ඇති හා අවුරුදු පහක අඛන්ඩ සේවාවක් ඇති දහම් පාසල් ගුරුවරුන් හෝ දහම් පාසල් 9 වන ශ්‍රේණිය සමත් අය අතරින් හෝ පමණක් තේරීම් සිදු කළ යුතුය.
ඩ සතියේ දින 05 තුළ ම මෙම පාසල් පැවැත්වෙන හෙයින් එකී ගුරුවරුන් සඳහා වැටුප් ගෙවීම කළ යුතු අතර, ඒ සඳහා රජයෙන් හෝ පළාත් පාලන ආයතනයකින් මූල්‍ය ප‍්‍රතිපාදන සළසා දිය යුතුය.
ඩස බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් කමිටුවත් පත් කොට සියළු ළදරු හා දහම් පාසල් කටයුතු අධ්‍යාපන අමාත්‍යංශය සමඟ සම්බන්ධීකරණය කළ යුතුය.
5 – 7 පාසල් අධ්‍යාපනය
ස දහම් පාසල් නොයන සිසුන් දහම් පාසලට ගෙන්වා ගැනීම සඳහා අ.පො.ස (සා.පෙළ* විභාගයට අයත් බුදු දහම පිළිබඳ විෂය නිර්දේශය දහම් පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම ප‍්‍රයෝජනවත් ය.
සස සෑම පාසලක ම බුද්ධ ධර්මය විෂය ඉගැන්වීම සඳහා භික්ෂූන් වහන්සේ නමක් පත් කළ යුතුය.
සසස දහම් පාසල් අවසාන විභාගය සමත් සිසුන්ට උසස් පෙළ බුද්ධ ධර්මය හා බෞද්ධ සංස්කෘතිය හැදෑරීමට අනුමැතිය ලබා දිය යුතුය.
5 – 8 බෞද්ධ සමිති සංවිධාන
5 – 9 සිල්මාතාවන් සම්බන්ධ කටයුතු
39. අවාසනාවකට මෙන් මෙම පරමාර්ථයන් ඉෂ්ඨකර ගැනීම සඳහා නීති ගත කරන ලද බුද්ධ ශාසන අමාත්‍යංශය ද දැන් කි‍්‍රයාත්මක නොවේ. ඒ වෙනුවට ඇත්තේ ආගමික අමාත්‍යංශයක් ය. බුුද්ධාගමට ප‍්‍රමුඛත්වය දීමත් බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීමත් විධායකයේ හා රජයේ ව්‍යවස්ථානුකූල වගකීම වේ. අනිකුත් සියළු ආගම්වලට සමානාත්මතාවයෙන් සැළකීමත් ඒ පිළිබඳව ව්‍යවස්ථානුකූල වගකීමත් රජයට පවරා නොමැත. එබැවින් අනිකුත් ආගම් සඳහා අමාත්‍යාංශ පිහිටු වීම බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දීම වක‍්‍ර ආකාරයෙන් උල්ලංඝණය කොට බුද්ධාගමට අනිකුත් ආගම් සමඟ සමානත්වයේ ලා සැළකීමකි. ව්‍යවස්ථාවේ සඳහන් ව ඇත්තේ බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දෙන බවටත් එය ආරක්ෂා කොට පෝෂණය කරන බවටත් ය. බුද්ධ ශාසන අමාත්‍යංශය පිහිටුවන ලද්දේ ඒ සඳහා ගත යුතු පරිපාලනමය සහ ව්‍යවස්ථානුකූල කි‍්‍රයා පිළිවෙත් ගැනීමට ය. එය ව්‍යවස්ථාවට අනුව සිදු විය යුත්තකි. නමුත් ප‍්‍රමුඛස්ථානය පසෙක තබා සියළු ම ආගම් සමඟ බුද්ධාගම සම තත්ත්වයට පමුණුවමින් ආගමික අමාත්‍යංශයක් පිහිටුවීම ව්‍යවස්ථානුකූල නොවන කි‍්‍රයාවක් බව අපගේ මතය යි.
40. 1992 සිදු වූ අතිගරු ජනාධිපති ආර්. ප්‍රෙමදාස මහතාගේ ඝාතනයත් සමඟ මෙම පනත පිළිබඳ වූ උනන්දුව ද නැති වී ගියේ ය. එපමණක් ද නොව පසු කලකදී බුද්ධ ශාසන අමාත්‍යාංශය ද අහෝසි කොට සිය`ථ ආගම් සඳහා එක් ආගමික අමාත්‍යාංශයක් පමණක් ඉහතකී ලෙස පිහිටුවන ලදී.
41. නැවත 2001 ජූලි 18 වන දින දෙවන වතාවට ද බුද්ධ ශාසන කොමිෂන් සභාවක් එකල ජනාධිපතිතුමිය විසින් පත් කිරීමට යෙදුනි. එම කොමිෂන් සභාවේ සභාපතිත්වය දැරුවේ බෙල්ලන ඥාණවිමල මහා නායක ස්ථවිරයන් වහන්සේ ය. එහි සාමාජිකයන් වූයේ වරකාවේ ධම්මාලෝක ස්ථවිර, කොටුගොඩ ධම්මාවාස අනු නායක ස්ථවිර, වැලමිටියාවේ කුසලධම්ම නායක ස්ථවිර, බලංගොඩ ප‍්‍රඥ්ඥාවංශ අනු නායක ස්ථවිර, ඕල්කට් ගුණසේකර, විශේශඥ වෛද්‍ය අනුලා විජේසුන්දර, මහාචාර්ය මැන්දිස් රෝහනධීර, ජනාධිපති නීතිඥ නේ්රු ගුණතිලක සහ විශ‍්‍රාමලත් අමාත්‍යංශ ලේකම් පී. ඒ. සේනාරත්න යන ගරුතර භික්ෂූන් වහන්සේලා සහ මහත්ම මහත්මීන් ය. ලේකම් වශයෙන් පත් වූයේ සෝමරත්න කාරියවසම් මහතා ය.
42. ඔවුනට පැවරුණු කාර්ය භාරය මෙසේ ය.
(අ) ශී‍්‍ර ලංකාවේ බුද්ධශාසනය තුළ පවත්නා වර්තමාන තත්ත්වය පිළිබඳව සමාලෝචනය කිරීම,
(ආ) බුද්ධ ශාසනයට මෙන් ම බෞද්ධයන්ට මුහුණ දීමට සිදු වී තිබෙන ගැටළු හඳුනා ගැනීම සහ ඒවා නිරාකරණය කර ගැනීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම,
(ඇ) විහාරස්ථාන හෝ බෞද්ධ පූජනීය ස්ථාන අළුතින් ආරම්භ කිරීමේ දී හෝ පිහිටුවීමේ දී හෝ අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ නිර්දේශ කිරීම,
(ඈ) බෞද්ධ සිද්ධස්ථාන සතු සියළු දේපල සුරක්ෂිත කිරීම හා නිරවුල් කරදීම පිළිබඳ සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම,
(ඉ) බෞද්ධ සිද්ධස්ථාන සතු දේපලවලින් ශාසනික වශයෙන් උපරිම ප‍්‍රයෝජන ලබා ගැනීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම,
(ඊ) බෞද්ධ විහාර, ප‍්‍රථිමා ඇතුළු වන්දනීය වස්තු හා පුරාවස්තු විනාශ කිරීම ගැන අධ්‍යයනය කොට ඒවා වළක්වාලීම සඳහා ගත යුතු පියවර පිළිබඳව නිරීක්ෂණ/අදහස්/යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම,
(උ) ශාසනික සේවාවන් ඉටු කිරීමේ දී භික්ෂූන් වහන්සේට මුහුණ පෑමට ඇති ගැටළු හඳුනා ගෙන උන්වහන්සේලාගේ අභිවෘද්ධිය පිළිබඳව ගත හැකි පියවර යෝජනා කිරීම,
(ඌ) භික්ෂු අධ්‍යාපනය ගුණාත්මක වටිනාකමකින් යුතුව පවත්වා ගෙන යාම සඳහා සහ බෞද්ධ ධර්මධූත කටයුතු පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීම,
(එ) පරිහානියට පත්වෙමින් පවත්නේ යයි නිතර සඳහන් වන බෞද්ධ භික්ෂූන් වහන්සේගේ සහ ගිහි සමාජයේ තත්ත්වය අවබෝධ කර ගෙන එම තත්ත්වය යහපත් අතට හැරවීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම,
(ඒ) පාරම්පරික ආගමික සංස්ථාවන්හි දේශනාවලට බැහැර මතවාද දරණ පුද්ගලයන් හා/හෝ කණ්ඩායම් විවිධ අණපනත් යටතේ ලියාපදිංචි වීමත්, එමඟින් තම ඇදහිලිවලට උපක‍්‍රමශීලීව රටවැසියන් නම්මවා ගැනීමත් වැළැක්වීම සඳහා සුදුසු පියවර යෝජනා කිරීම.
43. 1959 ජනාධිපති කොමිෂන් සභාව ඉදිරිපත් කළ යෝජනාවල හරය වූයේ බෞද්ධ ආගමට සිදුව ඇති හිරිහැර සහ බි‍්‍රතාන්‍ය සමය තුළ දී සිදු වූ හිරිහැර සමතයකට පත් කර බෞද්ධාගම නැවත පෝෂණය කර නඟා සිිිිටු වීමය. ඒ යෝජනා ඉදිරිපත් කළ පසු ද, ඉතා වැදගත් වූ ඒ යෝජනාවන් ගැන නොසළකා හැර ඇති බව, 2001 වර්ෂයේ දී එම කරුණු පිළිබඳව ම වාර්තා කිරීම සඳහා පත් කරන ලද කොමිෂන් සභාවට ඇති කාර්ය භාරය අධ්‍යයනය කිරීමේ දී මැනවින් තේරුම් යයි. බෞද්ධ ජනතාව මේ අන්දමින් හෑල්ලූවට පත් කිරීම, කණගාටුවට කරුණකි. දේශීය හා විදේශීය ආගම්වාදී ආක‍්‍රමණිකයන්ගේ අදිසි හස්තය මේ තුළින් මනාව විද්‍යාමාන වේ.
44. 2002 බුද්ධ ශාසන ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිගමන හා නිර්දේශ සම්පිණ්ඩනය පහත සඳහන් පරිච්ෙඡ්දයන් යටතේ ඉදිරිපත් කරන ලදී.
පළමුවන පරිච්ෙඡ්දය බුද්ධ ශාසනය
දෙවන පරිච්ඡේදය බුද්ධ ශාසනය හා ලක් රජය
තෙවන පරිච්ඡේදය බුදු සසුනේ වත්මන් තත්වය
සිවු වන පරිච්ඡේදය භික්ෂූන් වහන්සේ
පස්වන පරිච්ඡේදය බෞද්ධ සිද්ධස්ථාන හා ඒවා සතු දේපල
හය වන පරිච්ඡේදය බෞද්ධ පූජනීය වස්තු හා පුරා වස්තු
හත්වන පරිච්ඡේදය දස සිල් මෑණිවරුන්
අට වන පරිච්ඡේදය බෞද්ධ ගිහි සමාජය යහ මඟට හැරවීම
නම වන පරිච්ඡේදය බෞද්ධයන් අන්‍යාගම්වලට හැරවීම
45. 2002 බුද්ධ ශාසන ජනාධිපති කොමිෂන් සභා නිර්දේශ කි‍්‍රියාත්මක කිරීම සඳහා වූ ජාතික උපදේශකත්ව සමුළුවක් රජය විසින් පත් කරන ලදී. මෙම ජාතික උපදේශකත්ව සමුළුව 2004 දෙසැම්බර් 13 වෙනි දා සිට 2004 දෙසැම්බර් 19 වෙනි දා දක්වා ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණ. ආරම්භක සැසිය සහ සමාප්ත සැසිය හැර සැසි වාර 7 ක් තිබුණි. පළවන සැසියේ දී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය විග‍්‍රහ විය. දෙවන සැසිය භික්ෂු සමාජය ද, තුන්වෙනි සැසිය අසම්මත ක‍්‍රම මඟින් ආගම් පැතිරවීම පිළිබඳව ද, හතරවෙනි සැසිය විහාර දේවාල ඉඩම් පිළිබඳව ද, පස්වන සැසිය බෞද්ධ ස්මාරක අරක්ෂා කිරීම පිළිබඳව ද, හය වෙනි සැසිය මාධ්‍ය හැසිරවීම පිලිබඳව ද, හත්වන සැසිය සමාජ ප‍්‍රතිසංස්කරණය පිළිබඳව ද, අටවන සැසිය දසසිල් මෑණිවරුන් පිළිබඳව ද විය. මෙම සැසි වාරවල දී මූලාසනය හොබවන ලද්දේ පිළිවෙලින් ජනාධිපති නීතිඥ ඩග්ලස් පේ‍්‍රමරත්න මහතා, ආචාර්ය පූජ්‍ය යටගම ධම්මපාල නාහිමි, අති පූජ්‍ය බෙල්ලන ඤාණවිමල මහා නායක ස්වාමීන් වහන්සේ, පුරා විද්‍යා චක‍්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද නාහිමි, මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා, පූජ්‍ය කොටුගොඩ ධම්මාවංස අනු නාහිමි සහ ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසල ධම්ම නාහිමි විසිනි.
46. මෙම සමුළුවේ දී පහත සඳහන් යෝජනා ඒකමතිකව සම්මත කර ගන්නා ලදී.
1 බුද්ධ ශාසනයේ ආරක්ෂාව හා පෝෂණය සඳහා අවශ්‍ය නෛතික පසුබිම ඇති කිරීම පිණිස දැනට බුද්ධ ශාසන ඇමතිතුමා විසින් ඉදිරිපත් කර ඇති පහත සඳහන් පනත් ඉතා ඉක්මණින් නීති ගත කළ යුතු යැයි සමුළුව රජයෙන් ඉල්ලා සිටී.
(1) කතිකාවත් පනත
(2) ආගමි නිදහස සුරක්ෂිත කිරීමේ පනත
(3) උත්තරීතර සංඝ සභා පනත
(4) සමයාන්තර උපදේශක මණ්ඩල පනත
2 එසේම මෙම සමුළුව විසින් ප‍්‍රතිපත්තිමය ලෙස පිළිගන්නා ලද පහත සඳහන් පනත් කෙටුම්පත් හා සංශෝධන හැකි ඉක්මණින් නීති සම්පාදක මඟින් නියමාකාරව කෙටුම්පත් කොට නීති ගත කිරීමට වහා පියවර ගත යුතු යැයි මෙම සමුළුව බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් ඉල්ලා සිටී.
(1) බුද්ධ ශාසන පනත
(2) විහාරගම් හා දේවාලගම් සංශෝධනය කිරීම සඳහා පනත
(3) පුරාවිද්‍යා පනත් සංශෝධනය කිරීම සඳහා පනත
(4) ආගමන හා විගමන පනත සංශෝධනය කිරීම සඳහ පනත
(5) මාධ්‍ය මණ්ඩලය පිහිටුවීම හා මාධ්‍ය පනත, ආචාරධර්ම පද්ධතිය
බලාත්මක කිරීම සඳහා පනත
(6) බුද්ධ ශාසන අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා පනත
(7) 1980 අංක 31 දරණ ස්වේච්ඡුා සමාජ සේවා පනත සංශෝධනය කිරීම
සඳහා වූ පනත
3 බුද්ධ ශාසන ජනාධිපති කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම වෙනුවෙන් යොදන මුදල් රටේ මිනිස් ප‍්‍රාග්ධනය වර්ධනය කිරීම සඳහා කරනු ලබන දීර්ඝකාලින ආයෝජනයක් බව මෙම සමුළුව පිළිගනී. එසේ ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ෂඞ වගන්තිය අනුව රජය වෙත පැවරී ඇති ව්‍යවස්ථාපිත වගකීමක් ලෙස පිළිගනී. එහෙයින් මෙම නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම සදහා අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන භාණ්ඩාගාරය විසින් ප‍්‍රමුඛත්වය දී අදාල අමාත්‍යංශවලට ලබා දිය යුතු යැයි මෙම සමුළුව ඒකමතිකව සම්මත කරයි.
4 බුද්ධ ශාසන ජනාධිපති කොම්ෂන් සභා වාර්තාවේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම සඳහා වූ ජාතික උපදේශකත්ව සමුළුවේ දී ඉදිරිපත් කරන ලද නිර්දේශවලට නිසි සැළකිල්ල දක්වන අවසන් සැළැස්ම මසක් ඇතුළත සකස් කොට ත්‍රෛනිකායික මහා නා හිමියන්, ගරු ජනාධිපතිනිය හා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු බවත්, ප‍්‍රගති සමාලෝචනය සඳහා බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම්තුමාගේ සභාපතිත්වයෙන් අදාළ අමාත්‍යංශ ලේකම්වරුන් හෝ ඔවුන් විසින් නම් කරන නියෝජිතයන් හෝ ද නම් කරන වෙනත් අයගෙන් ද සමන්විත ප‍්‍රගති සමාලෝචන කමිටුවක් පත් කළ යුතු බවත්, මෙම සමුළුව සම්මත කරයි. එසේ ම තෙමසකට වරක් ත්‍රෛයිනිකායික මහා නා හිමිවරුන්, ගරු ජනාධිපතිතුමියට හා කැබිනට් මණ්ඩලයට ගරු බුද්ධ ශාසන අමාත්‍යතුමා මඟින් ප‍්‍රගති වාර්තාවක් ඉදිරිපත් කළ යුතු යැයි ද මෙම සමුළුව ඒකමතිකව සම්මත කරයි.
5 අතීතයේ මහා රජවරුන් මහා විහාර භූමිය පූජා කළ තැන් පටන් මේ දක්වා රජ දරුවන් සහ මැති ඇමතිවරුන් මෙන් ම අනිකුත් ප‍්‍රභූන් විසින් ශාසන චිරස්ථිතිය සඳහා පූජා කරන ලද දේපල ශාසනික දේපල ලෙස රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව ආරක්ෂා කර දිය යුතු බව මෙම සමුළුව යෝජනා කරයි.
6 බුද්ධ ශාසනික කටයුතුවල නියැලී සිටින විදේශික ගිහි, පැවිදි අයට දීර්ඝකාලීන වීසා නිකුත් කිරීමට අවශ්‍ය වන නිර්දේශ බුද්ධ ශාසන අමාත්‍යංශය විසින් කළ යුතු යැයි යෝජනා කෙරේ. ආගමන විගමන දෙපාර්තමේන්තුවට මෙසේ නිර්දේශ කිරීමේ දී අදාළ ඉල්ලූම්කරුවාගේ අවංකභාවය, ශාසනික දියුණුව පිළිබඳ ඇති කැපවීම සහ කර ඇති සේවය පිළිබඳව පිළිගත් බෞද්්ධ ගිහි පැවිදි නායකතුමෙකුගෙන් හෝ පිළිගත් බෞද්ධ සංවිධානයකින් සැපයෙන ඇගයීමක් සැළකිල්ලට ගත යුතු යැයි තව දුරටත් යෝජනා කෙරේ.
47. මෙහිදී යෝජනා වූ කරුණු ව්‍යවස්ථා ගත කිරීම සඳහා, බුද්ධ ශාසන පනත් කෙටුම්පතක් ද ඉදිරිපත් කරණු ලැබීය. එය අර්ථ කථනය කරණු ලැබුවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වී ඇති පරිදි බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීමේ ලා රජයේ යුතුකම ඉටු කිරීම සඳහා ද බෞද්ධාගමට ශී‍්‍ර ලංකා ජනරජය තුළ ප‍්‍රමුඛස්ථානය පිළිගැනීම සාක්ෂාත් කර ගැනීම සඳහා ද ඊට සම්බන්ධ අනුශාංසික කරුණු සඳහා විධි විධාන සැළැස්වීම පිණිස ද වූ පනතකි. මෙම පනත බුද්ධ ශාසන පනත යනුවෙන් හඳුන්වනු ලැබීය.
48. එහි කොටස් 13 ක් විය. 1 වන කොටස බුද්ධ ශාසන කොමසාරිස් ජනරාල්, බුද්ධ ශාසන කොමසාරිස්වරුන් හා එවැනි වෙනත් නිලධාරීන් සමඟ වෙනත් සේවකයින් පත් කිරීම, 02 වන කොටස රජයේ මූලික යුතුකම, 03 වන කොටස
භික්ෂූන් ලියාපදිංචි කිරීම, විහාරාධිපතීන් ලියාපදිංචි කිරීම, දස සිල් මාතාවන් ලියාපදිංචි කිරීම, විහාර ලියාපදිංචි කිරීම, බෞද්ධායතන හා සංගම් ලියාපදිංචි කිරීම සහ දහම් පාසල් ආදිය ලියාපදිංචි කිරීම, 04 වන කොටස ගිහි බෞද්ධ අධ්‍යාපනය භාර බුද්ධ ශාසන කොමසාරිස්වරයෙකු සිටිය යුතු බව හා ගිහි බෞද්ධ අධ්‍යාපනය හැඩගැසිය යුතු ආකාරය, 05 වන කොටස බෞද්ධ පූජනීය ප‍්‍රදේශ, පූජනීය වස්තු හා ස්ථාන ගොඩනැඟීම පිළිබඳ වූ කරුණු, 05 සස කොටස විහාර ඉඩම් නිශ්චය හා නැවත ලබා ගැනීම පිළිබඳ කරුණු, 06 වන කොටස බෞද්ධ ප‍්‍රජා සංවර්ධනය, ශාසනාරක්ෂක මණ්ඩල, දස සිල් මාතා උපදේශක මණ්ඩලය යන කරුණු, 07 වන කොටස මාධ්‍ය හැසිරවීම පිළිබඳ කරුණු, 07 (අ* කොටස බුද්ධ රූපය හෝ බුද්ධ ලාංඡුන පංවිච්චි කිරීම පිළිබඳ කරුණු, 08 වන කොටස බෞද්ධ ප‍්‍රජා සංවර්ධනය හා ආගමික පූජ්‍ය ස්ථානවලට ආරක්ෂාව සැළසීම පිළිබඳව කරුණු, 09 වන කොටස මුදල් පිළිබඳ කරුණු, 10 වන කොටස විමර්ශන සහ නඩු පැවරීම පිළිබඳ කරුණු, 11 වන කොටස රෙගුලාසි පිළිබඳ කරුණු, 12 වන කොටස සංශෝධන, 13 වන කොටස අර්ථ නිරූපනය පිළිබඳ විස්තරය.
49. 1959 සහ 2002 කොමිෂන් සභාවන්ගෙන් නිර්දේශ කරන ලද කරුණුවලට සාපේක්ෂව ගත් කළ මෙම පනත් කෙටුම්පත එතරම් බැ?රුම් වූවක් නොවේ. එය බැ?රුම් නිර්දේශ සැහැල්ලූ කොට සැකසූවක් බව එය අධ්‍යයනයේ දී පැහැදිළි වේ.
50. මේ අතරතුර 2550 බුද්ධ ජයන්තිය වෙනුවෙන් බුද්ධ ජයන්ති ලේකම් කාර්යාලයක් පිහිටු වීමට යෙදුණි. එම කාර්යාලයේ ප‍්‍රධානත ම කාරණය වූයේ බුද්ධ ශාසන කෙටුම් පනත සම්මත කර ගැනීම ය. එකී යෝජනාව කි‍්‍රයාවට නැංවීම පිණිස බුද්ධ ශාසන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. නමුත් එම කෙටුම්පත තව ම අනුමත වී නොමැත. බෞද්ධ මහජනතාවගේ බහුතර ඡුන්දයෙන් තේරී පාර්ලිමේන්තුවට පැමිණ ව්‍යවස්ථාදායකයක් ලෙස කි‍්‍රයා කරනු ලබන සෑම රජයක් විසින් ම ශී‍්‍ර ලාංකික බෞද්ධයන් රවටාලීම නින්දා සහගතව කර ඇත.
51. බෞද්ධයන් කොතරම් හාස්‍යයට ලක් වී ඇත් දැයි 2005 වෂ_යේ ආගමික අමාත්‍යංශය ස්ථාපනය කිරීමේ දී ප‍්‍රකාශිත ප‍්‍රධාන කාර්යන් අතරින් පළමුවැන්න අධ්‍යයනයේ දී පැහැදිලි වේ එනම් ත
‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන සළස්වා ඇති පරිදි බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම හා පෝෂණය කිරීම, බෞද්ධ සාරධර්ම මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම සේම, සෑම ආගමකට ම සමානාත්මතාවයෙන් සැළකීම සහ සියළු ආගමික හා ජනවාර්ගික කොටස් සුරක්ෂිතව ජීවත් විය හැකි සමාජයක් ගොඩනැඟීම’’
52. ශී‍්‍ර ලාංකික ජනරජ ව්‍යවස්ථාවේ සඳහන් බුද්ධාගමට ලැබිය යුතු ප‍්‍රමුඛස්ථානය ඉවත ලා සෑම ආගමකට ම සමානාත්මතාවයෙන් සැළකීම තම කාර්ය භාරය බව ආගමික අමාත්‍යංශය විසින් ප‍්‍රකාශනයට පත් කිරීම ව්‍යවස්ථාව අමු අමුවේම උල්ලංඝණය කිරීමකි. සිය`ථම ආගමිකයින් හට සිය ව්‍යවස්ථාපිත ආගමික නිදහස හා අයිතිවාසිකම් ලබා දිය යුතු නමුත් එසේ කළ යුත්තේ බුද්ධාගමට ප‍්‍රමුඛත්වය දීමේ රජයේ වගකීමට යටත්වය. සිය`ථ ආගමිකයින් මෙම ව්‍යවස්ථාපිත නීතිමය තත්ත්වය පැහැදිලිව අවබෝධ කරගත යුතුය. සියළු ආගමික හා ජනවාර්ගික කොටස් සුරක්ෂිතව සම`ගි සම්පන්නව ජීවත් විය හැකි සමාජයක පැවැත්ම සියළු ම බෞද්ධයන්ගේ ද ඒකායන ප‍්‍රාර්ථනය බව අපගේ කොමිෂන් සභාවේ ද අදහස යි. එසේ වුව ද ආගම්වාදී අන්‍යාගමික ආක‍්‍රමණිකයන් විසින් වර්තමානයේ දුෂ්ඨ වූත්, ද්වේෂ වූත් අරමුණක් ඉෂ්ඨ කර ගැනීමේ අධිෂ්ඨානයකින් යුක්තව ගෙන යනු ලබන කි‍්‍රයාදාමයන්ට එරෙහිව ස්ථිරසාර පියවර ගැනීම සඳහා සමස්ථ බෞද්ධයා ම සංවිධානාත්මකව අවිහිංසාකාරීව ඒකරාශී විය යුතු බව මෙම කොමිෂන් සභාව නිගමනය කර සිටී.
53. 1959 ජනාධිපති කොමිසම පත් කිරීමේ දී අන්‍යාගමිකකරණය පිළිබඳ බරපතල වූ ප‍්‍රශ්නයක් එකල නොතිබූ බව එම කොමිෂන් සභා නිර්දේශවලින් ගම්‍ය වේ. එහි සඳහන් වූයේ, ආගමික හා පුණ්‍යායතනවලට අයත් බලතල හා ඒවායේ කටයුතු පිළිබඳ සම්පූර්ණ පරීක්ෂණයක් වහා ම පැවැත්විය යුතු බව සහ ඒ ආයතන පිළිබඳ අළුත් නීති පද්ධතියක් සකස් කිරිමත් රජයෙන් වහා ම කළ යුතු බවට වූ නිර්දේශය යි. මෙම නිර්දේශය, පැවති සෑම රජයක් විසින්ම නිර්දය ලෙස නොසළකා හැරීමේ ඵල විපාක මනා සේ පෙන්නුම් වන්නේ 2002 බෞද්ධ කොමිෂන් සභාවේ යොමු කිරීමේ කොන්දේසියක් වශයෙන් බෞද්ධයන් අන්‍යාගම්වලට හැරවීම සඳහන්ව තිබීමෙනි.
54. පාරම්පරික බෞද්ධයින් නොයෙකුත් ආගම්වලට, විශේෂයෙන් කි‍්‍රස්තියානි ආගමට, එයිනිඳු මූලධර්මවාදී කණ්ඩායම්වලට නතු කර ගැනීමේ ව්‍යාපාරයක් එවකට පැවති බව එම කොමිෂන් සභා වාර්තාවෙන් පැහැදිළි වේ. 1978 වෂ_යේ විවෘත ආර්ථික ක‍්‍රමය ශී‍්‍ර ලංකාව තුළ කි‍්‍රයාත්මක කිරීමෙන් පසු රටට ඇතුළු වූ නොයෙකුත් ජාත්‍යන්තර ආධාර කණ්ඩායම්, රාජ්‍ය නොවන ආධාර කණ්ඩායම් වශයෙන් පෙනී සිටිමින්, රට තුළ, ආගමික, සංස්කෘතික සහ ජාතික වශයෙන් නොයෙකුත් අහිතකර බලපෑම් කරන්නට යෙදුනි. එය බෞද්ධ මෙන් ම අබෞද්ධයන් ද එක හෙළා පිළිගන්නා කරුණකි. විවෘත ආර්ථිකයක් තුළ ප‍්‍රාග්ධනය රට තුළට ගලා ඒමේ ව්‍යාපෘතීන් රැුසක් කි‍්‍රයාවට නැෙඟමින් තිබුණි. එම ව්‍යාපෘතීන් විශාල ධනස්කන්දයක්, රට තුළට ගෙන ඒමට පහසු කි‍්‍රයා මාර්ගයක් නිර්මාණය කළේය. ජාත්‍යන්තර ආගමික කණ්ඩායම් වෙනත් රටවල ඔවුන් ලද අත්දැකීම් මනා ලෙස ප‍්‍රයෝජනයට ගෙන එම අත්දැකීම තුළින් ඔවුන්ගේ සංවිධානයන්හි ශාඛා මෙම රට තුළ පිහිටුවා ලීමට කි‍්‍රයා කරන ලදී. එම දේශීය සංවිධානවලට මුදල් කුමණ ප‍්‍රභවයකින් ලැබුණේද යන්න පිළිබදව කිසිම තැකීමක් නොවීය. ක‍්‍රිස්තියානි ආගමික ආයතන විසින් මෙලෙස මුදල් ආයෝජනය පිළිබඳව, බෞද්ධ කොමිෂන් සභාව ප‍්‍රමුඛ රටේ ප‍්‍රබල බෞද්ධ ආගමික සංවිධාන සහ ගිහි පිරිස් 1959 සිටම අනතුරු හැඟ වීමක් කළ මුත් බහුතර බෞද්ධ මහජනතාව හෝ රජය ඒ ගැන තැකීමක් කළේ නැත. බෞද්ධ මහජනතාව සංවිධාන වශයෙන් හෝ දේශපාලනික වශයෙන් භේද භින්න වී සිටි කාල පරිච්ෙඡ්දයක් තුළ එම අනතුරු හැඟ වීම යටපත් විය. එයින් උපරිම ඵල නෙලා ගත් දේශීය මෙන් ම ජාත්‍යන්තර ආගමික සංවිධාන රට තුළට විශාල වශයෙන් මුදල් ආයෝජනය කළේය. දිනෙන් දින ආර්ථික අහේනියට පත්වන්නා වූ බෞද්ධ සමාජයට මුදලින් ආධාර සපයා ඔවුන් තම ආගම්වලට හරවා ගැනීමට ඔව්හු කටයුතු කළ බව 2002 ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් පැහැදිළි කර දී ඇත. ඔවුන් ගම් නියම්ගම් තුළට යෑම කරන ලද්දේ ඉතා පරිස්සමෙනි. එක්වර ම තම ආක‍්‍රමණික කි‍්‍රයාවන් ගම් නියම්ගම්වලට ගෙන ගියේ නැත. ඔවුන් ප‍්‍රථමව නිරත වූයේ අප සමාජය තුළ ඇති මූලික ප‍්‍රජා සේවාවන් තම වසඟයට ගෙන, ඉන් පසු සිය ආධිපත්‍යයට යටත් කර ගැනීම සඳහා කි‍්‍රයා කිරීමට ය. මෙයින් ප‍්‍රමුඛස්ථානය දී තිබූ කරුණක් නම් ජනසන්නිවේදන අංශයන්හි තම අන්තේවාසිකයන් පුරුදු පුහුණු කරවීම ය. 1961 පාසල් පවරා ගැනීමෙන් පසු ඔවුනට සිදු විය හැකි යම්කිසි අනාගත අභියෝගයන් වටහාගත්, කි‍්‍රස්තියානි ආගමික නායකයෝ මහජනයා වෙත බපලෑම් කිරීමට සමත් වන්නා වූ ජනසන්නිවේදන කි‍්‍රයාවලිය තුළට සාර්ථක ලෙස ප‍්‍රවිෂ්ට වූහ. ඔවුන්ගේ අදහස් උදහස් වර්ධනයට, සහාය වන්නා වූ ජනසන්නිවේදකයන් නොයෙකුත් පුහුණු පාඨමාලා මාර්ගයෙන් බිහි කිරීමට, සාර්ථක උත්සාහයක් ගන්නා ලදී. එහි සාර්ථකත්වය කෙසේ දැයි කිවහොත් 1977 වෂ_ය වන විට ඔවුන් එහි උපරිම අවස්ථාව දක්වා වර්ධනයක් ඇති කළහ. සමාජවාදී බහු ආර්ථිකයක් තුළින් තමනට අහිමි වූ සමාජ ආධිපත්‍යය නැවත ලබා ගැනීම ඔවුන්ගේ පරමාර්ථය විය. එම ජනසන්නිවේදන හැසිරවීම තුළින් බෞද්ධ මහජනයාගේ පෞඪ ඉතිහාසය වසන් කොට බොහෝ දුරට තම සංස්කෘතීක දායාදයන්ගෙන් සහ සාරධර්මවලින් ඈත් කර ලීම සඳහා වන කි‍්‍රයා මාර්ගයන් දියත් කරන ලදී. වාර්තා කළ යුතු බෞද්ධ තොරතුරු වාර්තා නොකිරීමටත් වාර්තා කිරීමට තරම් හේතු සාධක නොමැති වූ බෞද්ධ තොරතුරු විකෘති කිරීමටත් ඔවුහු කටයුතු කළහ. බෞද්ධාගම සහ ජාතිය අතර ඇති ෙඓතිහාසික බැදීම් සිඳ දැමීමට හෝ දියාරු කර දැමීමට මෙම ජනසන්නිවේදකයන් විසින් ඉන් පසුව නොයෙකුත් කි‍්‍රයා මාර්ගයන් ගන්නා ලදී. ඔවුන් හසුරුවනු ලැබූවා වූ අන්තර් ජාතික ආයතන මූල්‍ය වශයෙන් විශාල ප‍්‍රමාණයෙන් ආධාර උපකාර මෙම ව්‍යායාමයට සපයා ඇත. ආධාර උපකාර මත යැපෙන්නා වූ ගැති සමාජයක් බිහි කිරීමට මෙම ජාත්‍යන්තර සංවිධාන ඊළඟට පියවර ගත්හ. ලෝකයේ වෙනත් රටවල දී මෙම ජාත්‍යන්තර සංවිධාන ලද අත්දැකීම් උපරිම ව මෙහි දී ප‍්‍රයෝජනයට ගත් බව පෙනේ. මොවුන්ගේ ඊළඟ පියවර වූයේ උපක‍්‍රමශීලීව ලබා ගත් රාජ්‍ය අනුග‍්‍රහය සහ ආශිර්වාදය සහිතව ගමට ප‍්‍රවිෂ්ඨ ම ය. එම කි‍්‍රයා මාර්ගයට රජය එක හෙළා එකඟ වූයේ රජයේ වගකීම වන සංවර්ධන සහ
ශුභසාධක කාර්ය භාරයන් කිරීම සඳහා ආදායම් මාර්ග නොමැති වීම හේතු කර ගෙනය. එය අන් ආයතනයන් ලවා කරවා ගැනීමට තරම් සියළු ම රජයන් අ¥රදර්ශීව සහයෝගය දුන්හ. මෙම රාජ්‍ය නොවන ආයතනයන්හි කූඨ අරමුණු ඒ ඒ කාලවල පැවති රාජ්‍ය නායකත්වය විසින් නොදුටුවා නොවේ. මේ වන විට මෙම සංවිධාන විසින් එම නායකත්වය මුදල් බලයෙන් බිලී බා ගෙන තිබුණි. මෙම අන්තර් ජාතික සංවිධානයන්ගේ ඉදිරිපත් වීම තුළින් නොයෙකුත් ලාභ ප‍්‍රයෝජන, පිට රට සවාරි, පිට රට දේපල ලබා දීමෙන් ශී‍්‍ර ලංකාවේ දේශපාලන මෙන් ම බෞද්ධ නායකත්වය ද නිහඬ කරන ලදී. මෙයට එරෙහිව කි‍්‍රයා කළ ඇතැම් බෞද්ධ නායකයින් නිහඬ කර වීමේ ද්වේශ සහගත ව්‍යාපාරයක්, මෙම අන්‍යාගමික රාජ්‍ය නොවන සංවිධානවල ග‍්‍රහණයට හසු වී සිටි ජනසන්නිවේදකයින් විසින් ගෙනයන ලදී. ප‍්‍රබල වූ සමහර බෞද්ධයන් තම අදහස් ප‍්‍රකාශ කළත් මහජනයා වෙත එය දන්වා නොසිටීමට ඔවුහු සමත් වූහ. මේ සියල්ල පිටුපස ක‍්‍රිස්තියානි හෝ ක‍්‍රිස්තියානි සම්භවයක් ඇති ආගමික සංවිධාන වූහ. නොයෙකුත් ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවිතය ගත කර ගැනීමට අපොහොසත්ව සිටි බෞද්ධයන් හට මේ පිළිබඳව යම් වැටහීමක් තිබුණ ද එම බෞද්ධ මහජනතාව සිටියේ කිසිවක් කර කියා ගැනීමට නොහැකි අසරණ තත්ත්වයක ය. මෙම තත්ත්වය උග‍්‍ර අතට හැරුණේ 2002 වෂ_යේ මෙම ජාත්‍යන්තර සංවිධානවලට රිසි ලෙස ඔවුන්ගේ ව්‍යාපාරයන් කර ගෙන යාමට අත හිත දුන් රජයක් පත්වීමෙන් පසුව ය. මෙතෙක් පැවති රජයන් විසින් කරනු ලැබුවේ බුද්ධ ශාසන අමාත්‍යංශයක් පමණක් ස්ථාපිත කර තිබීම ය. එසේ කළේ ආණ්ඩුවේ ව්‍යවස්ථාවේ සඳහන් බුද්ධාගමට ප‍්‍රමුඛත්වය දීමේ සහ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ රජයේ නීතිමය වගකීම සාක්ෂාත් කරනු සඳහා ය. එතෙක් කල් පැවතියේ කි‍්‍රස්තියානි ආගමික කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුවක් පමණි. 2002 වර්ෂයේ දී සිදු වූයේ ආගමික කටයුතු පිළිබඳ ව කි‍්‍රස්තියානි ආගමට ද, මුස්ලිම් ආගමට ද, හින්දු ආගමට ඇමතිවරුන් පත් කිරීම ය. කි‍්‍රස්තියානි ආගම භාරව කටයුතු කළ ඇමතිතුමා, රටේ සිවිල් ආරක්ෂාව භාරව කටයුතු කළ ඇමති ධූරයට ද පත් කරන ලදී. එමඟින් රටේ සිවිල් ආරක්ෂක පද්ධතිය ද කතෝලික භක්තිකයකු යටතට පත් විණ. මෙය තීක්ෂණ උපාය මාර්ගක් විය. එතැන් සිට එම අමාත්‍යංශයේ බද්ධ කාර්යන් තුළින් සිවිල් පොලිසියට බෞද්ධයන්ගේ ප‍්‍රශ්ණ පිළිබඳව නොයෙකුත් බලපෑම් ඇති වන්නට විය. බෞද්ධයන්ගේ යම් විරෝධතාවයන්, සිවිල් නීතියේ සඳහන් යැයි කියා ගන්නා රෙගුලාසි තුළ මැඩ පවත්වන ලදී. එම විරෝධතාවයන් මැඩපැවැත්වීමේ ප‍්‍රතිඵලයක් වූයේ බහුතර බෞද්ධ ජනගහනයක් ඇති එසේ නොමැති නම් 100% ම බෞද්ධයන් ජීවත්වන්නා වූ පළාත් තුළ කි‍්‍රස්තියානි ආගමික පල්ලි සහ මිෂනාරි යාඥා මධ්‍යස්ථාන රෝපණය කිරීමට සැළැස්වීම ය. සමහර අවස්ථාවන්වල දී එම පල්ලි සෑදීම සඳහා ඉඩකඩම් සපයා දී ඇත්තේ ද රජය විසින් මය. අන් අවස්ථාවල දී වක‍්‍ර මාර්ගයෙන් එම ඉඩම් ලබා දීමට යෙදුනි. එම ඉඩම්වල පල්ලි ගොඩනැඟීමට ගත් ප‍්‍රයත්නයන් දුටු බෞද්ධයන්ගේ විරෝධතාවයන් මැඩලීමට සිවිල් ආරක්ෂක කටයුතු භාර අමාත්‍යවරයා සාමය රැුකීම යන මුවාවෙන් එය තම වගකීමක් සේ සළකා උපදෙස් දීමට යෙදුනේ, සියළු ආගම්වලට එක හා සමාන අයිතිවාසිකමි තිබෙන්නේ ය යන්නා වූ ව්‍යවස්ථාවේ සඳහන්ව ඇතැයි යන සාවද්‍ය මතය මුල් කර ගෙන ය. මෙම උපදෙස් ලිඛිතව ද, වාචිකව ද ලබා දුන් අවස්ථා ගැන සඳහන් ව පවතී. තව ද 2002 වෂ_යේ නත්තල් උත්සවය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන බවට එම අමාත්‍යවරයා වග බලා ගත්තේ අමාත්‍යංශ මට්ටමින් නොයෙකුත් ව්‍යාපාරිකයින්හට ආගම කෙසේ වෙතත් තම ව්‍යාපාර ස්ථාන සහ අවට භූමි ප‍්‍රදේශය ඒකාලෝක කිරීමට උපදෙස් දීමෙනි. පොලිස් දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් තම තමන්ගේ පුද්ගලික අවශ්‍යතා ඉටු කරවා ගැනීම පරමාර්ථ කොට අමාත්‍යතුමාගේ නම විකුණමින් ගැත්තන් විසින් දෙන ලද උපදෙස් ද එලෙස ම පිළිපදින ලද බවට සාක්ෂි ලැබී ඇත. ඒ අනුව බෞද්ධයාහට සිදු වූයේ අසරණ මානසිකත්වයක් තුළ ජීවත් වීමට ය. තමන් අසරණ වී ඇති බවට සාධාරණ අදහසක් බෞද්ධයන් තුළ ඇති කර ලීමට මෙම අනිසි බලපෑම් සමත් විය. එයට ද විශේෂිත වශයෙන් හේතු පාදක වූයේ බෞද්ධයා වෙනුවෙන් කටයුතු කළ යුතු මහා සංඝරත්නය සහ බෞද්ධ සංවිධාන ද නිහඬතාවයක පසු වීම ය. බෞද්ධ විරෝධයට නායකත්වය දීමට මහා සංඝරත්නයේ කිහිප නමක් ද බෞද්ධ සංවිධාන කිහිපයක් ද ඉදිරිපත් වූ නමුත් ප‍්‍රබල සාමුහික විරෝධතාවයක් නැඟීමට ඔවුහු අසමත් වූහ. රට තුළ පැවති ජනවාර්ගික ප‍්‍රශ්නය දඩමීමා කොට ගෙන එයින් උපරිම ප‍්‍රයෝජන ගත් මෙම අන්‍යාගමික සංවිධාන බෞද්ධාගමේ අයිතිවාසිකම් වෙනුවෙන් කථා කිරීමට තරම් එඩිතර වූ බෞද්ධ නායකත්වය ජාතිවාදීන් සහ ආගම්වාදීන වශයෙන් හඳුන්වා දීමට තරම් දුෂ්ඨ විය.
55. අප දිවි හිමියෙන් මහා සංඝරත්නය ආරක්ෂා කළ යුතුය. උන්වහන්සේ අප ජාතියේ මුර දේවතාවෝ ය. ජාතියට ජීවය දෙනුයේ උන්වහන්සේලා ය. සිංහල – බෞද්ධ සංකල්පය වනසා දමා ශී‍්‍ර ලාංකික සංස්කෘතිය තුළ තම ආධිපත්‍යය ගොඩනැඟීම දේශීය හා විදේශීය පරගැත්තන්ගේ අභිප‍්‍රාය වේ. මෙයට විරුද්ධ වූ නායකත්වය පහළවන්නේ මහා සංඝරත්නය තුළින් පමණක් බව වටහාගෙන ඇති මෙම බලවේගයන් ද භික්ෂු නායකත්වය ද ක‍්‍රම ක‍්‍රමයෙන් දුර්වල කොට අකර්මන්‍ය කිරීමට නොයෙකුත් කූඨ ව්‍යාපාරයන් දියත් කොට ඇත. අභාග්‍යයකට මෙන් ඇතැම් නායක භික්ෂූන් වහන්සේලා ද මෙම ග‍්‍රහණයට හසු වී ඇත. මෙය ජාතියේ ඛේදවාචකය යි. සර්ව ආගමික සංකල්ප, සාම පෙරමුණු නිර්මාණය තුළ අතළොස්සක් වූ මෙම භික්ෂූන් වහන්සේ අතරමං වී ඇත. මාධ්‍ය හැසිරවීම මඟින් මෙම සංකල්පවලට දෙනු ලබන ආකර්ෂනීයත්වය තුළ ඔවුන්ගේ ගමන් මඟ නිර්මාණය කිරීම ඔවුන් මෙහෙය වන්නා වූ බලෙවිගයන් විසින් කරනු ලබයි. මෙම බලවේග විසින් මෙහෙය වන්නා වූ නොයෙකුත් වැඩසටහන් තුළින් අසීමිත වූ මුදල් සම්භාරයක් මේ වෙනුවෙන් ආයෝජනය කරනු ලබයි. බුද්ධ ඇදහීම තුළ නිදහස් චින්තනයන් එදා සිට ම ඇති බැවින් සර්ව ආගමික ‘‘නිකායන්’’ ඇති කරලීමේ අවශ්‍යතාවයක් නොමැත. බුද්ධ ඇදහීම අවිහිංසාවාදී බැවින් සාමය සහ සමඟිය බෞද්ධයාහට අමුත්තක් නොවේ. මේ සංකල්ප ඒකායන මනසකින් පෝෂණය වී ඇති දේව භක්තිකයා හට ශත වර්ෂාධික ලේ වැගිරීම්වලින් පසු ව ඇති වූ අවබෝධයකි. මෙම භික්ෂූන් වහන්සේලාට මෙය අවබෝධ වීම නොවන්නේ නම් ඔවුන් නිසැකව ම භික්ෂූන් වහන්සේලාට අකැප වන්නා වූ ග‍්‍රහණයකට හසුව ඇත. මෙම භික්ෂුන් වහන්සේලාගෙන් බෞද්ධයා බලාපොරොත්තු වනුයේ පාපොච්චාරණයක් නොව තම ගෞරවනීයත්වය රැුක ගනිමින් භික්ෂූත්වය ආරක්ෂා කර ගැනීම ය. බෞද්ධ සමාජය අවදියෙන් සිටිය යුතු වන්නේ මෙම සර්ව ආගමික භික්ෂූන් වහන්සේලාට නව අනුගාමිකයින් එක්වීම වැළැක්වීමට ය. මෙය බෞද්ධ සමාජයේ යුතුකමක් මෙන් ම උන් වහන්සේලාගේ සිව්පසය සපයන්නා වූ දායක දායකාදීන්ගේ අයිතියක් ද වේ. භික්‍ෂූත්වය දුර්වල කිරීමේ පරමාර්ථය වනුයේ ගිහි පැවිදි සම්බන්ධතාවය සිඳ බිද දැමීමයි. ආගම්වාදීන් භික්‍ෂූන් හට සම්බන්ධ වීමේ මුඛ්‍ය පරමාර්ථය වනුයේ එය යි. ගිහි බෞද්ධයා සංඝ රත්නය ආරක්‍ෂා කර ගැනීම සඳහා සුපරික්‍ෂාකාරී විය යුතුය. අන්තවාදී ආගම්වාදීන්ගේ උපාය මාර්ග සමාජයට හෙළි කර දී ඔවුන්ගේ පරමාර්ථයන් ව්‍යර්ථ කිරීම සඳහා සංවිධාන විය යුතුය. භික්‍ෂූන් වහන්සේලාට එරෙහිව කෙරෙන්නා වූ කුමන්ත‍්‍රණ පිළිබඳව අප කොමිෂන් සභාව ඉදිරියේ විශාල වශයෙන් සාක්‍ෂි ඉදිරිපත් විය. මේ අතර අත්දැකීමෙන් ම සාක්‍ෂි දුන් භික්‍ෂූන් වහන්සේලා ද බොහොමයකි. ආගම්වාදී අන්‍යාගමික බලවේගයන්හට නොසැලී මුහුණ දෙන්නා වූ භික්‍ෂූන් වහන්සේලා අති බහුතරය කෘතවේදී ව පුණ්‍යානුමෝදනාවෙන් සිහිපත් කළ යුතුය.
56. නායක ස්වාමීන් වහන්සේලා මෙන් ම තරුණ ස්වාමීන් වහන්සේලා විසින් ද පිරිවෙන් අධ්‍යාපනයේ අඩු ලූහුඩුකම් පිළිබඳව සංවේගදායී සාක්‍ෂි ඉදිරිපත් කරන ලදී. භික්‍ෂු ශාසනයේ පැවැත්මට අකුල් හෙලීමට ගන්නා තැත මේ සාක්ෂිවලින් විද්‍යාමාන වෙයි. භික්‍ෂු අධ්‍යාපනය අඩාල කිරීමට පමණක් නොව භික්ෂූන් වහන්සේලා උපැවිදි වීමේ මානසිකත්වයට පෙළඹවීමේ අදිසි හස්තයන් ක‍්‍රියාත්මක වන බව ලැබුණු සාක්ෂිවලින් පැහැදිළිව ම ඔප්පු වේ. භික්‍ෂු අධ්‍යාපනය හැඩ ගැස්සවිය යුතු සැලසුම් මහොපාධ්‍යය භික්‍ෂූන් වහන්සේලා ඇතුළත් වූ බුද්ධ ශාසන කොමිෂන් සභා වාර්තා දෙකේදී ම ලිඛිතව පැහැදිළි නිර්දේශ රජය වෙත ලබා දී ඇත. මෙසේ තිබිය දී මෙම නිර්දේශිත පිළිවෙත් කි‍්‍රයාත්මක නොකිරීම දේශපාලන නායකත්වයේ සහ පරිපාලන නිලධාරීන්ගේ උදාසීනත්වය මත උද්ගත වූවකි. මෙය සමස්ත බෞද්ධ සමාජය විසින් ම දැඩි ලෙස හෙළා දැකිය යුතුය. බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය හිමි විය යුතු බැවින් මුල්‍යමය ප‍්‍රතිපාදන වෙන් කිරීම ගැටළුවක් නොවිය යුතුය. ශ‍්‍රී ලාංකීය ව්‍යවස්ථාවේ සඳහන් පරිදි බුද්ධාගම පෝෂණය කිරීම හා සුරක්‍ෂිත කිරීම පාලකයින්ගේ ව්‍යවස්ථාදායක යුතුකමකි. මෙම යුතුකම පැහැර හැරීම බුද්ධ ශාසනයේ පරිහානියට ප‍්‍රධාන හේතුවකි. මෙම කි‍්‍රයා මාර්ගය හසුරුවන අදිසි හස්තය පිලිබඳව බෞද්ධයන් අවධියෙන් සහ මනා අවධානයකින් සිටිය යුතුයි. මුළු මහත් බෞද්ධ ප‍්‍රජාව ම මෙම කුමන්ත‍්‍රණයට විරුද්ධව අවිහිංසාවාදීව නැ`ගී සිටිය යුතුය. බෞද්ධාගමේ අනන්‍යතාවය තහවුරු කිරීම භික්‍ෂූන් වහන්සේ සතු කාර්යක් බැවින් නිදහසින් පසු සියළු ම පාලකයන් විසින් නොසලකා හැර ඇති භික්‍ෂු අධ්‍යාපනය තහවුරු කිරීමට වර්තමාන පාලකයන් පෙළඹවීමේ කාලය එළඹ තිබේ.
57. බෞද්ධ චින්තනය තුළ භේදකාරි හිංසක අදහස් නොමැත. සිදුහත් කුමරු සත්‍යාවබෝධය ලබා ගැනීම සඳහා එකල සිටි ශාස්තෘවරුන්ගේ සහාය පැතී ය. එම වෑයම අසාර්ථක වූ කල්හි ස්ව උත්සාහයෙන් ම බුද්ධත්වයට පැමිණි සේක. බුද්ධත්වයෙන් පසු පස්වග මහණුන් ධර්ම ප‍්‍රචාරය සඳහා යෙද වූයේ ‘‘බහුජන හිතාය – බහුජන සුඛාය’’ යන පරමාර්ථය පෙරටු කොට ගෙන ය. අන් ආගම්වලට ගැරහීමක් හෝ බලයෙන් ධම_ය දේශනා කිරීමක් නොවීය. මානව ඉතිහාසය මුළුල්ලේ ම බුදු දහම ප‍්‍රචලිත වූයේ ධම_ාවබෝධය සහ එහි පැහැදීම හේතු කොට ගෙන එකී ධම_යෙහි ඇති සත්‍ය අවබෝධ කර ගත් පුද්ගලයන් වෙත ය.
58. බෞද්ධ සම්ප‍්‍රදාය අනුගමනය කළ අපේ රජ දරුවෝ හින්දු සහ ඉස්ලාම්වාදීනට කරුණා පෙර දැරිව කි‍්‍රයා කළහ. කතෝලික භක්තිකයින් වන පෘතුගීසීන් විසින් මුහුදු බඩ ප‍්‍රදේශවලින් ඉස්ලාමීය භක්තිකයන්ව ද නෙරපූ අවස්ථාවේ ද, පසුව ආ රෙපරමාදු ලබ්ධික ලන්දේසීන් විසින් රෝමානු ලබ්ධික පෘතුගිසීන් තම ප‍්‍රදේශවලින් නෙරපූ අවස්ථාවේ ද, ඔවුන්ට ආරක්ෂාව රැුකවරණය සහ තම ආගම ඇදහීමේ පූර්ණ නිදහස සළසා දුන්නේ සිංහල බෞද්ධ රජවරුන් විසින් ය. මෙයට පාදක වූයේ අන්‍ය ආගම්වලට ගරු කිරීමේ බෞද්ධ චින්තනය යි. එම අවස්ථාවන් ප‍්‍රයෝජනයට ගෙන මෙවැනි අසරණ තත්වයක සිටි අන්‍ය ලබ්ධිකයන් බෞද්ධාගමට හරවා ගැනීමට බෞද්ධයන් කිසිදු අන්දමේ උත්සාහයක් දරා නොමැත. සිංහල – බෞද්ධ රජ දරුවන් කිසිම තැනක හින්දු හෝ වෙනත් ආගම් ඇදහීම්වලට තර්ජනය නොකළහ. බෞද්ධ ආකල්පය මෙසේ වුවත් අන්‍ය ලබ්ධිකයෝ ආක‍්‍රමණික කාරි වූහ. අප රට බටහිර ආධිපත්‍යයට ලක් වූ අවධියේ සිට නිදහසින් පසු ද, මේ දක්වා ද, ඔවුන් තම ආක‍්‍රමණකාරී ආගම් ප‍්‍රචාරය තීව‍්‍ර කර ඇත. කි‍්‍රස්තියානි සම්භවයක් ඇති ආගමික නිකායන් සහ පසුකාලීනව ඉස්ලාමීය ආගමිකයන් ද මේ අයුරින් ආක‍්‍රමණික කාරි වූහ. පැහැදිළිව ම මෙසේ ආක‍්‍රමණික කාරී ආගම්වාදයට අවතීර්ණ වූයේ මොවුන් ය. මේ බව බෞද්ධයා පුන පුනා කීව ද, මෙම ආක‍්‍රමණයට එරෙහිව සම්බාධක පැන වීමට බලය තිබුණ ද, මෙරට සිටි සියළු පාලකයෝ, බෞද්ධ ඉල්ලීම්වලට කන් නොදීමෙන් තම ගැති බාවය කි‍්‍රයාවෙන් ම ඔප්පු කළහ.
59. බෞද්ධයා කොතරම් අසරණ අසීරු තත්වයකට ඇද වැටුණේ ද යත් තම අනන්‍යතාවය සහ ආගම නිදහසේ ඇදහීමේ අයිතිය සුරක්ෂිත කර ගැනීම සඳහා මෙම ආක‍්‍රමණික ආගම්වාදීන් සමඟ සම්මුතියකට පැමිණීමේ අවශ්‍යතාවය යෝජනා කිරීමට පවා පෙළඹුණි. ඒ බව 2002 බුද්ධ ශාසන කොමිෂන් සභාවේ ෙඡ්ද 9.53 යෝජිත සමයාන්තර ආගම් සභා පිහිටු වීමේ යෝජනාවෙන් පැහැදිළි වේ. එය මෙසේය.
‘‘සමායාන්තර උපදේශක මණ්ඩලය’’
විවිධ ආගම්වලට සම්බන්ධ වන ගැටළු ඇති වුව හොත් ඒවා සාකච්ඡුා කොට විසඳා ගැනීම සඳහා සියළු ආගම්වල නියෝජිතයින් ඇතුළත් වන සේ සමායාන්තර උපදේශක මණ්ඩලයක් පත් කර ගත යුතුය. ඒ ඒ ආගම්වල කි‍්‍රයාවන් වෙනත් ආගම්වලට හානිකර වන අවස්ථා ඇති වුව හොත් එහි දී එහි කිසියම් පක්ෂයක් මෙම උපදේශක මණ්ඩලයට පැමැණිලි කළ හොත් එය විසඳා දීමේ වගකීම මෙම මණ්ඩලය සතු විය යුතුය. නව මිෂනාරි හෝ මූලධර්මවාදී හෝ සංවිධානයක් ලියාපදිංචි කිරීමට ප‍්‍රථම මෙම මණ්ඩලයේ පූර්ව අනුමැතිය ලබා ගත යුතුය. මෙහි සාමාජිකයන් පත් කිරීම ඒ ඒ ආගම්වල ජනගහනයට අනුපාතිකව සිදු විය යුතු බව මෙම කොමිසම නිර්දේශ කරයි. බෞද්ධයන්ගේ නියෝජනය උත්තරීතර සංඝ සභාවෙන් හෝ එම සභාවේ සම්මතයෙන් පත් කිරීම නිර්දේශ කරමු.’’
60. දඩුවම් ලැබිය යුත්තේ හිංසාකාරී බව වර්ධනය කරන්නා වූ මෙම අන්‍යාගමික ආක‍්‍රමණිකයන් වේ. මොවුනට තහංචි පැනවිය යුත්තේ නීති මාර්ගයන් තුළින් මිස ඔවුන් සම`ග සම්මුති ඇති කර ගැනීමෙන් නොවේ. මෙම කොමිෂන් සභාව ඉදිරියේ පෙනීසිටි සාක්ෂිකරුවෝ ඉහත සඳහන් යෝජනාව ඉදිරිපත් වීම පිළිබඳව කණස්සල්ල පල කර සිටි අතර එය සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කළහ.
61. ආගම්වාදී ආක‍්‍රමණිකයන් ද්වේෂ සහගතව බෞද්ධාගම මෙරටින් තුරන් කොට මෙරට, දකුණු කොරියාවක් කිරීමට ගන්නා උත්සාහය පිටුපස ජාත්‍යන්තර ආගමික මූලස්ථානය විසින් මෙහෙයවනු ලබන කෲර දේශීය බලවේගයක් ඇත. මෙය ආගම ප‍්‍රචලිත කිරීමේ උත්සාහයන් පමණක් නොව ව්‍යාපාරික මෙහෙයුුමක් ද වේ. මෙම ආගම්වාදී ආක‍්‍රමණික කි‍්‍රයා කලාපයට විසඳුම් සෙවිය හැකි ක‍්‍රමයක් ගම් මට්ටමින් සාකච්ඡුා කිරීමෙන් කළ නොහැක. මෙනයින් සිදු වනුයේ එම ආගම්වාදී ආක‍්‍රමණිකයිනට ඔවුනගේ දීප ව්‍යාප්ත ව්‍යාපාරය සඳහා කාලය සකසා දීම ය. උදාහරණයක් ලෙස ගත හොත් උතුරේ ත‍්‍රස්තවාදයට සාකච්ඡුා මාර්ගයෙන් මුහුණ දීම, ඔවුනගේ රැුවටිලි බස්වලට හසු වීමක් වූ බව වටහා ගත හැකි වූයේ, අහිංසක ජීවිත දස දහස් ගණනක් විනාශවීමෙන් පසු ය. මෙම ආගම්වාදී ආක‍්‍රමණික ත‍්‍රස්තවාදයට මුහුණ දිය යුත්තේ බුද්ධාගමට ප‍්‍රමුඛත්වය ලබා දී බුද්ධාගම පෝෂණය කිරීම සහ සුරක්ෂිත කළ යුතුය යන ව්‍යවස්ථාදායක වගකීම පාලකයන් වෙත දැඩිව දන්වා සිටීමෙනි. මෙය ඵලදායී කර ගත හැකි වන්නේ නොම`ග යන පාලකයන් වෙත බෞද්ධයාගේ බලය පෙන්වීමෙන් පමණක් වේ.
62. මෙම ආගමික ප‍්‍රචාරයේ භයානක ආදීනව පැහැදිළිව වටහා ගත යුතුය. සම්මා සම්බුදු හිමියන්ගේ සිරස, හස්තය, පාදය කඩා දැමීමට නියෝග කිරීම, බුදුන් වහන්සේගේ පිළිමය පොළොවේ ගසා සුණු විසුණු කිරීම සහ ඉන් නොනැවතී කැබලි වී ගිය එම පිළිමයෙහි කොටස්වලට මුත‍්‍රා කිරීමට පෙළඹවීම, බුද්ධ රූපය සහිත ඡුායා රූප කෑලි කෑලිවලට ඉරා දැමීමට පෙළඹවීම සහ ගිනි තැබ්බවීම, බුදුරජාණනන් වහන්සේ යක්ෂයා ලෙස හැඳින් වීම මඟින් නිග‍්‍රහයට පාත‍්‍ර කරවීම ආදී මෙවන් දීන වූ කි‍්‍රයා මාර්ගවල නිරත වීමට පාරම්පරික බෞද්ධයින්ව පොළඹවනු ලබන්නේ විවිධ කි‍්‍රස්තියානි ආගමික නිකායික පූජකවරුන් යැයි හඳුන්වා ගනු ලබන අය විසින් වේ. සාමාන්‍ය සිවිල් අුැඳුමින් සැරසුණු ඔවුහු ආගමික සංකේත නොපළදින, ගැඹුරු ආගමික විග‍්‍රහයකට එළඹිය නොහැකි, මුදල් උපයමින් තම පවුල් ජීවිත රකින්නා වූ ව්‍යාපාර මානසිකත්වයකින් යුත්, ආකර්ශනීය වචන භාවිතයකට පුරුදු පුහුණු කර වූ, සමාජ ආක‍්‍රමණිකයන් සමූහයකි. ඔවුන් අතරේ වංචාකාරයින් මෙන් ම, ලිහිල් හැසිරීම් රටාවක් ඇති අය ද විය හැක. මොවුන් ශී‍්‍ර ලාංකික සමාජය සදාකාලික ගැති භාවයට පත් කොට, තම ආධිපත්‍ය පතුරුවා ලීමට කුමන්ත‍්‍රණය කරන්නා වූ විදේශික බලවේගයන්ගේ ගැත්තන් ද විය හැක.
63. බුදුන්ට තෙවරක් පූජා කරනු ලැබූ මෙම පුදබිමෙහි ද්වේශයෙන්, ක්‍රෝධයකින් සහ වෛරයකින් හෙබි මනසක් ඇති ඔවුනට පැවරී ඇති කාර්ය වනුයේ බුද්ධ, ධම්ම, සංඝ යන ති‍්‍රවිධ රත්නය විනාශ කර දැමීම ය. මෙය දේව වාදී ආගමික මධ්‍යස්ථානය විසින් නිකුත් කරන්නා වූ දේව නියෝග මෙන් සලකා, අදේවවාදී වූ බුද්ධාගම තුරන් කර දැමීමට ගන්නා උත්සාහයකි. ආත්මය දේවත්වයට කැප කර ඇති සහ මනස භීෂණයට යටත් කර ඇති මෙවැනි මනුෂ්‍යයන් යොදවමින්, සාරධර්ම අගය කරන්නා වූ හේතු ඵලවාදය පාදක කොට ජීවත් වන්නා වූ, හිංසක ගති පැවතුම් නොමැති බෞද්ධයන් සහ බෞද්ධ සමාජය, මෙරටින් අතු ගා දමා ආගම්වාදී, භීෂණයක් මඟින් පෞඪ ඉතිහාසයක් සහ උරුමයක් විනාශ කර, වානිජමය වපසරියක් තුළට මුළු ලාංකීය සමාජය ම ඇද ගැනීමට ගන්නා උත්සාහයක ලක්ෂණ, මෙම අන්‍යාගමික කූඨ උපක‍්‍රම තුළ පිළිබිඹු වේ.
64. කිසිම බෞද්ධයකු, ජේසුතුමන් ‘‘යක්ෂයකු’’ වශයෙන් හෝ උන්වහන්සේ ‘‘ජේසු’’ නමින් හඳුවන්වනු නොලබයි. එය බෞද්ධ සදාචාරය යි. ‘‘මරියතුමිය’’, ‘‘දේව ගැතිවරයා’’, ‘‘පල්ලියේ ෆාදර්’’ මෙය බෞද්ධ සමාජය ගෞරවාන්විතව භාවිත කරනු ලබන නාම අයුරු ය. අගෞරවයක් වන පරිදි කෙටි නම් භාවිතය බෞද්ධයාට හුරු නොවේ. එවැනි ද්වේශ සහගත සිතුවිලි බෞද්ධයා තුළ නොමැත. නමුත් පෙර පාසැලට යන බෞද්ධ ළදරුවා අමතා බුදුන් වහන්සේ ‘‘යක්ෂයෙකුට’’ උපමා කිරීම, මොන තරම් දීන කි‍්‍රයාවක් ද? අප සමාජයේ යක්ෂයා යනුවෙන් නිරූපනය වන්නේ කෙස් කඩා ගත්. දිව එළියට දා ගත්, දත් විළිස්සා ගෙන සිටින, ඇස් ගෙඩි එළියට පැන ඇති බිහිසුණු පුද්ගලයෙකුගේ ශීර්ෂයකි. බුදුන් වහන්සේ යක්ෂයකු බව පැවසීමේ දී එම ළමා මනසට උපකල්පනය කරවීමට මහන්සි ගනුයේ, ඔහු දකින්නා වූ තැන්පත් ශාන්ත බුදු පිළිමයෙහි ඇති ශීර්ෂය නොව බිය උපදවන යක්ෂයෙකුගේ ශීර්ෂය නොවන්නේ ද ? මෙවැනි පාපතර කි‍්‍රයාවල යෙදෙන්නන් කොයි තරම් ද්වේශ සහගතව ක්‍රෝධයකින් සහ වෛරයකින් යුතුව කි‍්‍රයා කරයිද ? ජනතාවගේ සදාචාරාත්මක පැවැත්ම උදෙසා මෙම කි‍්‍රස්තියානි නිකායික ආගම් ප‍්‍රචාරය මෙම සමාජයේ පාලනයකට යටත් කළ යුතු නොවේද ?
65. මනුෂ්‍ය සමාජයේ දුප්පත්, පොහොසත්, උගත්, නූගත් ආදී වශයෙන් විෂමතා ඇත. ඒවා තිබිය යුතු නොවේ. මේ විෂමතා ඉදිරියට ද තිබෙනු ඇත. මනුෂ්‍ය සමාජය වර්ධනය වනුයේ එම විෂමතා මත දිවෙන ජීවන රටාව මතය. එහෙයින් මුදලේ අවශ්‍යතාවය සෑම කල්හි ම පවතී. බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ ‘‘තමා උපයන ලද ධනය කොටස් 4 කට බෙදා, ඉන් එක කොටසක් පරිභෝජනය සඳහා ද, (කෑමට බීමට, පින් දහම්වලට* කොටස් 2 ක් ආයෝජනය සඳහා ද, (යම් කර්මාන්තයකට යෙදවීම* හතරවෙනි කොටස යම් ආපදා අවස්ථාවක දී ප‍්‍රයෝජනයට ගැනීම සඳහා තැන්පත් කළ යුතුය.’’ යනුවෙනි.
66. එසේ පැහැදිළි ගමන් මාර්ගයක් තුළ ශත වර්ෂාධික කාලයක් ජීවත් වූ බෞද්ධ සමාජය තුළට, දියුණුවට අත හිත දීමක් වශයෙන් පෙන්වා මූල්‍යාධාර හෝ ද්‍රව්‍යමය ආධාර ලබා දීම, කි‍්‍රස්තියානි පල්ලි කණ්ඩායම් විසින් තම ආගම පතුරුවා ලීම සඳහා උපයෝගී කර ගනු ලබන්නේ නම්, ආගම් ප‍්‍රචාරය ව්‍යාපාරික උත්සාහයන් නොවන්නේද? යම් ආයතනයන් ව්‍යාපාරයන් සඳහා මුදල් ආයෝජනයේදී එම ආයතනයේ සේවකයන්ගේ වේතනය සඳහා මෙන්ම, අනාගත ව්‍යාපෘතීන් වෙනුවෙන් ආයෝජනය කිරීම සඳහා ද යම් කිසි මුදලක් ලාභයක් වශයෙන් ද ලබා ගනිති. එහි අසාධාරණයක් නැත. එය ව්‍යාපාරික මූලධර්මයකි. එසේ නම් බෞද්ධ සමාජය තුළ අග හිඟ කමින් ජීවත් වන්නා වූ මිනිසුන්හට මූල්‍යාධාර හෝ ද්‍රව්‍යමය ආධාර ලබා දීම තුළින්, ලාභයක් වශයෙන් එම පුද්ගලයන් කි‍්‍රස්තියානි කරවීම ව්‍යාපාරික මූලධර්ම අනුගමනය කරන්නක් නොවේද? ආගම වානිජමය ව්‍යාපාරයක් වශයෙන් කිරීම නීතියෙන් තහනම් කළ යුතු නොවේද? ‘‘පෙළඹවීම වරදක් ලෙසට හඳුන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉහත දී ඇති අර්ථ නිරූපණය අනුව එම වරදෙහි අත්‍යවශ්‍ය අංගය වනුයේ ‘‘යම් තැනැත්තෙකුගේ තීරණයට බලපෑ හැකි පරිදි ඔහුගේ මන බදින සු`ථ වූ යම් ප‍්‍රතිලාභයක් ඔහුට පිළිගන්වමින් ඔහුව ඊට ආකර්ශණය කර ගැනීමත් එම`ගින් ඔහු පොළඹවා ගැනීමත්’’ ය.
67. 2001 සංඝණනය අනුව මෙම රටෙහි බෞද්ධ ආගමික ප‍්‍ර‍්‍රතිශතය 76 % වේ. රෝමානු කතෝලික සහ කි‍්‍රස්තියානි ප‍්‍රතිශතය 7 % කි. කි‍්‍රස්තියානි නිකායික මෙම ආගම්වලට අයත් ව්‍යාපාරක සමාගම් කොතෙක් ඇත් ද? නොඑසේ නම් මෙම ආගම්වලට අයිති භූමි ප‍්‍රදේශයන්හි පිහිටා ඇති ව්‍යාපාරික ආයතන වලින් කොපමණ ආදායමක් උපදවා ගන්නේද? මූල්‍යමය ආයතනවල යොදවා ඇති ආයෝජනවලින් කොතරම් මුදලක් ඔවුන් උපදවා ගන්නේ ද? විදේශගත ඔවුන්ගේ ආගමික මධ්‍යස්ථානවලින් මෙන්ම වෙනත් ආගමික සංවිධානවලින් කොතරම් මුදලක් ලැබේ ද? විදේශීය රාජ්‍යයන්ගෙන් රාජ්‍ය නොවන සංවිධාන ව්‍යුහය තුළින් කොපමණ මුදලක් ලබන්නේ ද? මෙසේ රැුස් කර ගන්නා වූ මෙම ධන සම්භාරය යොදවනු ලබන්නේ තම අනුගාමිකයන්ගේ ආගමික සහ සමාජයීය අවශ්‍යතා පමණක් ඉටුකර ලීම සඳහාද? අනුගාමිකයින්ගේ ආගමික අවශ්‍යතා ඉටුකර ලීමට ඉතා විශාල මුදලක් අවශ්‍ය නොවෙතත්, සමාජයීය අවශ්‍යතා ඉෂ්ඨ කරලීමට මුදල් වැය කළ යුතු වේ යයි සාධාරණීය කළ හැක. එසේ නම් කි‍්‍රස්තියානි වූ 7.0% වූ ජනගහන ප‍්‍රතිශතයෙන් ඉතා විශාල ප‍්‍රමාණයක් දුප්පත් හෝ අන්ත දිළිඳු භාවයෙන් ජීවත් වනුයේ කෙසේද? මෙම ආගමි නිකායන් සතු ධනය, මෙසේ තම දේව භක්තිකයන්ගේ යහපත සඳහා නොයොදවා, අදේවවාදී බෞද්ධයන්ගේ යහපත සඳහා යොදවන්නේද? එම මුදල් වැඩි මනක් ඔවුනට වැය වන්නේ ආගම් ප‍්‍රචාරය සඳහා නොවේද? එසේ ආගම් ප‍්‍රචාරය කිරීමේ දී විශාල වශයෙන් බෞද්ධයන් මිළදී ගැනීම සඳහා මුදල් යෙදවීම එම මුදල් ආයෝජනය කිරිමක් නොවන්නේද? මෙය සදාචාරාත්මක සාරධර්ම උල්ලංඝණය කිරීමක් මෙන්ම මූලික මනුෂ්‍ය අයිතිවාසිකම් ද උල්ලංඝණය කිරීමකි. ශී‍්‍ර ලාංකීය ව්‍යවස්ථාව යටතේ ආගම් ඇදහීම මූලික මිනිස් අයිතිවාසිකමකි. නමුත් ආගම් ප‍්‍රචාරය එසේ නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය අනුව කියැවේ. එය රටෙහි නීතිය යි. පාලකයන් නීතිය කි‍්‍රයාත්මක කිරීම ප‍්‍රතික්ෂේප කිරීම සමස්ථ බෞද්ධ මහජනතාව හෑල්ලූවට ලක් කිරීමකි. නිදහස් ශී‍්‍ර ලංකාවේ සියළු පාලකයින් මෙයට වගකිව යුතුය.
68. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනටමත් අර්ථ නිරූපනය කර ඇති මෙම නීතිය උල්ලංඝණය කිරීමට ඉඩ හැර දේශපාලන අවශ්‍යතාවයන් මත නිසොල්මන්ව සිටීමට බහුතර බෞද්ධ මහජනතාවගේ ඡුන්දයෙන් තෝරා පත් වූ රජයකට හැකි ද ? පැවති සෑම රජයක් විසින් ම අනුගමනය කළ මෙම නීති විරෝධී පමණක් නොව බෞද්ධ විරෝධී ද නිහඬතාවය බෞද්ධ මහජනයා තව දුරටත් ඉවසා සිටිය යුතු ද ? කි‍්‍රස්තියානි පල්ලි කණ්ඩායම් විසින් ශී‍්‍ර ලංකාවේ ජීවත්
වන්නා වූ දුප්පත් හෝ පොහොසත් හෝ උගත් හෝ නූගත් හෝ බෞද්ධයා, මිල තක්සේරුවකට ලක්ව ඇති වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කර ඇත. තව දුරටත් මෙයට ඉඩ දී නිහඬ වීමට තරම්, ජාතියකට ජීවය දුන් බෞද්ධ උරුමය හා ප්‍රෞඪත්වය, බෞද්ධයාගේ මනසින් ගිලිහී ගොස්ද ? නොඑසේ නම් සමාජයීය, ආර්ථික සහ විදේශ ගැති මානසික බලපෑමකට ලක් කර ඇති, ගිහි සහ පැවිදි නායකයන් අතළොස්සකගේ ප‍්‍රඥා ගෝචර නොවන්නා වූ පාවාදීමකට සමස්ථ බෞද්ධයා නතු කර ඇත්ද ?
69. මෙසේ බෞද්ධයාගේ චින්තනය නිද්‍රෝපගත කරවනු ලබන්නේ, සංවිධානාත්මක සහ විදේශීයව ව්‍යුහගත ආගමික මර්මස්ථානයන් මඟිනි. ඔවුනට මෙරට එක් රාජ්‍යයක් පමණි. ඔවුන්ගේ ව්‍යුහය අන්තර් ජාලයකි. එය අධිරාජ්‍යයකි.
70. අයුක්ත’ියට අසාධාරණයට එරෙහිව යන්නේ ද, සමාජ සාධාරණය සඳහා හඬ නඟන්නේ ද, බහුතරයක් වූ බෞද්ධන් ය. ඒ ඔවුන් මෙරටේ බහුතරය නිසා ම නොවේ. ඒ ඔවුන්ගේ නිවහල් සිතුවිලි නිසා ය. බෞද්ධයාගේ අවදිවීම, අප උදෙසා නොව රට වෙනුවෙනි. අප උරුමය වෙනුවෙනි. රැුක ගැනීමට දෙයක් අපට ඇත. මුතුන් මිත්තන් ජීවිත පරිත්‍යාගයෙන් අප උරුමය රැුක ගත්හ. තම ආගම පතුරුවා ලීමට බලපෑමක් වශයෙන් පෘතුගීසීන් කෲර ලෙස, තම මව්වරුන් ඉදිරියේදී ම අත දරුවන් ඝාතනය කළ බවට ඉතිහාසය සාක්ෂි දරයි. නමුත් මව්වරුන් ආගම අත්හැරියේ නැත. එය ඔවුන්ගේ උරුමය මෙන් ඔවුහු රැුක ගත්තෝය. කොනප්පු බණ්ඩාර කුමරු කපටිකමින් බෞතීස්ම කරනු ලැබූවෙකි. බටහිර ශිල්ප ශාස්ත‍්‍ර ඔහුට හාදාරවනු ලැබීය. ගෝවට ගෙන යනු ලැබූ ඔහු කල් යල් බලමින් සියල්ල ප‍්‍රඥාගෝචර ව ඉවසා සිටියේ ය. ඔහු ලංකාවට සම්ප‍්‍රාප්ත කරවූයේ ශී‍්‍ර ලංකාවේ රාජත්වය කතෝලික කරවීමට ය. ඔහු රජ විය. එනමුත් ඔහු රජකම් කළේ සිංහල කතෝලිකයකු වශයෙන් නොව විමලධර්මසූරිය නමැති ශ්‍රේෂ්ඨ සිංහල බෞද්ධ නරපතියකු ලෙසය. ඔහුගේ රුධිරයේ තිබුණේ සිංහල බෞද්ධ උරුමය යි. එය ඔහුගේ ජීවය බව ඔහු කුඩා කළ සිට ම දැන සිටියේ ය.
71. සමස්ත බෞද්ධයා තුළ අකර්මන්‍ය කර ඇති මෙම ප්‍රෞඪ උරුමය සහ එම උරුමය පිළිබඳ හැඟීම නැති කර ලීමට දියත් කර ඇති සියළු බලවේග මර්දනයට කල් ගත්තා වැඩිය. උරුමය රැුක ගැනීමට ලේ වැගිරීමක් අවශ්‍ය නොවේ. නායකත්වය ගම් මට්ටමින්, නාගරික මට්ටමින් සහ ජාතික මට්ටමින් ඒකරාශි වනු ඇත. අවශ්‍යව ඇත්තේ නොබියව ඉදිරියට යෑමේ අධිෂ්ඨානය වේ.
72. මෑත යුගයේ දී බෞද්ධයන් කි‍්‍රස්තියානියට හැරවීම පිළිබඳ වූ ප‍්‍රථම සටන් පාඨය වශයෙන් හැඳින්විය හැක්කේ :-
ඇන්ග්ලිකන් සභාවේ උප බිෂොප් තනතුරට පත් වූ පසු අතිගරු ලක්දාස් ද මෙල් බිෂොප්තුමා කළ ප‍්‍රකාශය යි. එතුමා කළ ප‍්‍රකාශය නම් ‘‘ලංකාවේ ජනගහනයෙන් කි‍්‍රස්තියානි නොවූ 90% ද කි‍්‍රස්තියානි කරන තුරු ලංකා පල්ලියේ කාර්ය භාරය නිම නොවනු ඇත.’’ යන්න යි.
73. ශී‍්‍ර ලංකාවේ සාම්ප‍්‍රදායික රෝමානු කතෝලික රෙපරමාදු සහ ලංකා සභා පල්ලිවලට වසර 500 ක් තුළ සපුරා ගැනීමට අසීරු වූ සිංහල බෞද්ධයන් කි‍්‍රස්තියානිකරණය කිරීම මෑතක දී සිට කි‍්‍රස්තියානි මූලධර්මවාදීන් (Christian Evangalical Organisations) විසින් ඉතා ශීඝ‍්‍රයෙන් සිදු කර ගෙන යනු ලැබේ.
74. ‘‘කි‍්‍රස්ටියන් මිනිස්ටරි’’ නම් සංවිධානයේ වෛද්‍ය ලලිත් මෙන්ඩිස් මහතා 1978 අගෝස්තු මස නිකුත් වූ ඩිරෙක්ෂන් :ෘසරුජඑසදබ* නැමැති මාසික සඟරාවට, ලිපියක් සපයමින්, මෙතෙක් තම ග‍්‍රහණයට හසු නොවූ ජන කොටස් 16 ක් හඳුනාගෙන ඔවුන් ක‍්‍රිස්තියානියට හැරවීම සඳහා විශේෂ ප‍්‍රයත්නයක් දැරිය යුතු බව ප‍්‍රකාශ කොට තිබේ.
(අ) මෙසේ හඳුනාගෙන ඇත්තේ ආදර්ශ ගම්මානවල හා උදාගම්වල වැසියෝ, මහවැලි වැනි අළුත් ගම් වල වැසියෝ, අවතැන්වූවෝ, සිරකරුවෝ. මත්ද්‍රව්‍ය ලෝලීහු, උගත් බෞද්ධයෝ, පැල්පත් වාසී මුස්ලිම්/මැලේ ජනයා, ද්‍රවිඩ වතු කම්කරුවෝ, ධීවරයෝ, සැඩොල්, අහිකුණ්ඨක හා වැදි ජනයා, නාගරික පැල්පත්වාසීහු, සරසවි ශිෂ්‍යයෝ, ගණිකාවෝ, ආරක්ෂක අංශවල හමුදා නිලධාරීහු සහ ත‍්‍රස්තවාදීහු ද වෙති.
75. වෛද්‍ය ලලිත් මෙන්ඩිස් මහතා විසින් ලියන ලද “Unreached Peoples ofSri Lanka” යන ලියවිල්ලේ පල්ලි ඉදි කිරීමේ ක‍්‍රමය මෙසේ සඳහන් වී ඇත.
‘‘ලංකාවේ ගම් 25,487 ක් ඇත. ලංකාවේ පවත්නා එවැංජලික නිකායට අයත් සති
පතා සාමූහිකව රැුස් වී යාඥා සිදු කරන යාඥා මධ්‍යස්ථාන සංඛ්‍යාව 400 කි. මින්
350 ක් පමණ පිටිසර ප‍්‍රදේශවල ද පිහිටා ඇත. අපේ පරමාර්ථය විය යුත්තේ සෑම
ගමක ම පල්ලියක් ‘‘පැළ කිරීමයි.’’
76. ග‍්‍රාමීය පල්ලියක් ගොඩනැඟීමේ දී අනුගමනය කළ යුතු ක‍්‍රම ද එහි දක්වා ඇත.
1) නාගරික පල්ලියක් විසින් ගමක් තෝරා ගෙන එහි කටයුතු සඳහා කි‍්‍රස්තියානි දේව¥තයකු එහි පදිංචි කළ යුතුය.
2) දැනට පල්ලියක් තිබෙන ස්ථානයට එහා ගමක අළුත් පල්ලියක් පිහිටු වන විට කල්පනාකාරී විය යුතුය. ගම් පළාත්වල ගමනාගමනය අපහසු ය.
3) ගමක පල්ලියක් පිහිටු වීමේ දී ක‍්‍රම කීපයක් අනුගමනය කළ යුතුය.
(අ) ඒ ගම තුළ සාමාන්‍ය ගැමියකු ලෙස පදිංචි වන්න.
(ආ) දැනට විශ්වාසවන්ත පවුලක් සිටී නම් එම නිවසේ යාඥා අරඹන්න.
(ඇ) එසේ නැත්නම් විශ්වාසවන්ත පවුලක් ගමක පදිංචි කරවන්න. ඉන් පසු ඒ නිවසේ යාඥා අරඹන්න.
(ඈ) සෙනඟ සිටින පොළ දවසේ ශුභාරංචිය පණිවුඩය දෙන්න.
4) දේව සේවකයා නාගරිකයෙකු නම් ඔහු ගැමි ජීවිතයට හුරු විය යුතුය. ඔහු වෙසෙන ගෙය ගැමියන්ගේ මෙන් පොල් අතු මඩුවක් නම් හොඳය. ගමේ ළිඳෙන් නාන්න. ශ‍්‍රමදාන, අවමංගල්‍ය වැනි වැඩවලට හවුල් වී ශුභාරංචියට දොර හැර ගන්න.
5) දේව සභාව සඳහා පොල් අතු මඩුව සෑහෙයි. මුලදී ලොකු ගොඩනැගිලි සෑදීම නිසා ගම්මුන් එරෙහි වූ වාර බොහෝය. කුරුස හෝ ආගමික සංකේත පිටතට පෙනෙන්නට තැබීමෙන් වළකින්න.
6) ගම්වල කි‍්‍රයාත්මක වන යක්ෂ බලය දුරු නොකළොත් ආත්මවලට දෙවියන් වහන්සේ වෙත එන්නට නොලැබේ.
7) ශුද්ධ ආත්ම බලයෙන් යක්ෂයන් දුරු කිරීම සඳහා කුමක් හෝ දීම යක්ෂ බලය බලපවත්නා ලංකාවේ දී බොහෝ ප‍්‍රයෝජනවත් ය.
8) දේව සභාව මෙහෙය වීමට ඇදහිලිවන්තයන් පිරිසක් තෝරා ගෙන පුහුණු කරවීමට සමත් විය යුතුය.
9) ගැමි බෞද්ධයාට ජීවමාන ගැලවුම්කරුවකුගේ අවශ්‍යතාව තදින් දැනෙයි. බොහෝ වේලාවට ආගමට හැරීම සිදුවන්නේ ජීවත් වීමට අවශ්‍ය දේ සපුරා දීමෙන් මිස ධර්මයෙන් නොවේ.
10) එළිමහනෙහි රැුස්වීම් පවත්වන විට පරිස්සම් වන්න.
11) අළුත් ඇදහිලිවන්තයන් කි‍්‍රස්තියානි පවුල්වලට සම්බන්ධ කර ශක්තිමත් කරන්න. ඔවුන්ට නෑදෑයන් විරුද්ධ වනු ඇත. යක්ෂයා ඔවුන් ආපසු අන්ධකාරයට ගෙන යන්නට ඉඩ තිබේ.
12) හරවා ගැනීමට දෙන මුදල් හා වෙනත් ආධාර ගැන වැරදි අදහස් ඇති වී තිබේ. විශ්වාසය තහවුරු වූ පසු පවුලේ අය සමඟ බෙදා ගැනීමට ආධාර ලබා දෙන්න.
13) ගමක අළුත් පවුල් ද එක් පවුලක අබෞද්ධ හවුල්කරුවකු ඇති පවුල් ද තෝරා ගන්න. විහාරයක් ආසන්නයේ ජිවත් වීමෙන් වළකින්න.
14) නාගරික ආගමික සභාවල අනවශ්‍ය වියදම් අඩුකර ගම්බද දිළිඳු සභාවලට උදව් කළ යුතුය.
මහනුවර පියාෂෝ උද්‍යානයේ පිහිටුවා ඇති ‘‘ලයිට් හවුස්’’
දේවස්ථානය භාර දේවගැති වර්ගිස් චාන්ඩි විසින් සිය අත්සනින් යුතුව
1995.08.01 දින බෙදා හැර ඇති ලිපියක මෙසේ සඳහන් වෙයි.
‘‘2000 වෂ_යට තව දින ඇත්තේ 4000 ක් පමණි. එම වෂ_ය, ශී‍්‍ර ලංකාවේ
අස්වැන්න නෙළා ගන්නා කාලය බව අපගේ අවංක විශ්වාසය යි.’’
“There are only 4000 days before the year 2000. We sincerely believe it is
harvest time inSri Lanka”
77. 2001 ජූනි 24 වන දිනයේ දී ශී‍්‍ර ලංකාවේ ජාතික කි‍්‍රස්තියානි ඉවැන්ජලිකල් ආයතනය : (National Christian Evangelical Alliance of Sri Lanka ශී‍්‍ර ලංකාවේ වසර 50 ක කරන ලද සේවය පිලිබඳ කටයුතු සමරන අවස්ථාවේ එම ආයතනයේ මහා ලේකම් ගොඞ්පි‍්‍ර යෝගරාජා මෙබඳු පණිවුඩයක් නිකුත් කර ඇත.
‘‘දුෂ්කරතා රාශියක් මධ්‍යයේ ශී‍්‍ර ලංකාව. ජේසුතුමා වෙත හැරවීමේ කි‍්‍රයාදාමයෙහි දී අපි බලසම්පන්න වී ඉදිරියෙන් සිටිමු. මෙම කර්තව්‍යය විශ්වාසයේ ගමනකි. දේව මහිමයේ කථාවකි. නිවිය නොහැකි ගිනි සිළුවකි. නොමැරෙන සිහිනයකි.’’
“June 24th will mark 50 years of the National Christian Evangelical alliance ofSri Lanka. TheAlliance has weathered many a storm and come through stronger in its commitment to transform this nation for Jesus Christ. It has been a journey of faith, a story of Grace, a flame that could not be extinguished, and a dream that would not die.”
78. මෙම කූඨෝපක‍්‍රම කොතරම් සාර්ථකව කි‍්‍රයාවට නංවන්නේ ද යන්න මෙම කොමිෂන් සභා වාර්තාව කියැවීමේ දී පැහැදිළිවනු ඇත. කි‍්‍රිස්තියානිය පැතිර වීම, මුල් පැවැත්මේ සිට ම ආක‍්‍රමණාකාරී විය. කුරුස යුද්ධය ශත වර්ෂාධික කාලයක් මුළුල්ලේ භීෂණකාරී ආගමික මෙහෙය වීම මත පැවතිණ. එය මෙහෙය වනු ලැබුවේ ඉහළ ම නායකත්වය විසිනි.වර්තමානයේ ද ජාත්‍යන්තර ව සිදු වන්නේ මෙම ආගමික හිංසනය යි. මෙම ආගමික ත‍්‍රස්තවාදය ඔවුන් විසින් හඳුන්වනුයේ විශ්වාසයේ ගමනක් සහ දේව මහිමයේ කථාවක් සැටියෙනි. මෙම ආගමික ත‍්‍රස්තවාදීන්ට මෙය නොමැරෙන සිහිනයකි. මෙම යුද්ධ ප‍්‍රකාශය මෙම කි‍්‍රස්තියානි ඉවැන්ජලිස්තවාදීන්ගේ හිංසාකාරී පරමාර්ථයන් පැහැදිළි කරයි.
79. පසුගිය 2007.12.25 දින ‘‘ලක්බිම’’ පුවත් පත සමඟ පැවති සාකච්ඡුාවකදී, කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති දේව ධර්මාචාර්ය, ආචාර්ය ඔස්වල්ඞ් ගෝම්ස් අගරදගුරුතුමාගෙන් අසන ලද ප‍්‍රශ්නයක් හා ඊට එතුමා දුන් පිළිතුර මෙසේ දක්වා සිටිමු.
‘‘ප‍්‍රශ්නය ඃ- ‘‘ඊනියා කිතුනු සංවිධාන ශ‍්‍රී ලංකාව තුළ හිස ඔසවමින් විවිධ අකටයුතුකම්වල යෙදී සිටිනවා. ප‍්‍රධාන ක‍්‍රිස්තියානි සභාවලට පමණක් නොව අන්‍ය ආගමික සමඟියට ද එය බාධාවක් වී තිබෙනවා නේද?’’
පිළිතුර ඃ- ‘‘විදේශ රටවලින් පැමිණි ඊනියා කිතුනු කණ්ඩායම්වල කොටස් මෙහි සිටින්නට පු`ථවන්. නමුත් වගකිව යුතු ප‍්‍රධාන සභාවක් හැටියට අපට ඒ අයත් සමඟ කිසිම සම්බන්ධයක් නැති බව පැහැදිළිවම ප‍්‍රකාශ කරනවා. ඒ අය ඇතැම් විට කරන වැරදි ක‍්‍රියාවන් නිසා දීර්ඝ කාලීනව කතෝලික අපත් සහෝදර බහුතර බෞද්ධ ජනතාවත් හින්දු හා ඉස්ලාමීය ජනතාව අතරත් පැවති සුහදතාව ඒ නිසා ප`ථදු වී යන්නට ඉඩ හැරීම මහත් අභාග්‍යයක්. අපි සැම විටම ප‍්‍රාර්ථනා කරන්නේ මේ රටේ වාර්ගික කොටස් මෙන්ම සාමයික කොටස් ද එකමුතු වී එකිනෙකාට ගරු කරමින් අපේ පොදු යහපත සඳහා ක‍්‍රියා කරනු ඇති වගයි.
එදා සිටම මේ රටේ යහපත සඳහාත් විශේෂයෙන් ම මේ රටේ දේශපාලන නිදහස සඳහාත් ක‍්‍රිස්තු භක්තිකයින් පුරෝගාමීව කටයුතු කර ඇතිිි බවට අපට සාක්ෂි ඉදිරිපත් කළ හැකියි. අපි ජාත්‍යාලයෙන් පිරීගිය පිරිසක් නොව සැම විටම රට දැය කෙරෙහි ඒ වෙනුවෙන් ක‍්‍රියා කරන පිරිසකි. ඒ කැපවීම මත සිය`ථ දෙනාගේම සහයෝගය මත ක‍්‍රියා කිරීම අපගේ මතු බලාපොරොත්තුව ද වන්නේය.’’
80. ‘‘ඊනියා’’ යන විශේෂණ පදයෙන් එතුමා විසින් ම හඳුන්වනු ලබන ‘‘විදේශවලින් පැමිණි ක‍්‍රිස්තියානි කණ්ඩායම්වල මෙහි සිටින්ට පු`ථවන් කොටස්’’ අන්තවාදීව කටයුතු කරන්ට ‘‘පු`ථවන්’’ නමුත්, ප‍්‍රධාන සභාවක් හැටියට තමන් ඒ අයත් සම`ග කිසිඳු සම්බන්ධතාවයක් නැති බව එතුමා පැහැදිළිව ම ප‍්‍රකාශ කරයි. ඒ අයගේ වැරදි ක‍්‍රියාවන් නිසා, කතෝලික භක්තිකයිනුත්, බෞද්ධ, හින්දු හා ඉස්ලාමීය භක්තිකයිනුත් අතර දීර්ඝ කාලීනව පැවති සුහදතාවය ප`ථදුවන්ට ඉඩ හැරීම ගැන එතුමත් පසුතැවිලි වෙති.
81. අපගේ ස්ථාවරය වන්නේ එවැනි කොටස් ‘‘සිටින්ට පු`ථවන්’’ යන්න නොව ‘‘සිටින’’ බවය. එසේම ඔවුන් අන්තවාදීව ක‍්‍රියා කරන්ට ‘‘පු`ථවන්’’ ය යන්න නොව ‘‘අන්තවාදීව ක‍්‍රියා කරන’’ බව ය. මෙම කොමිෂන් සභාව පත්කිරීමට හේතු වූයේ ද කුමන ආගමක හෝ එවැනි අන්තවාදී කොටස්වල ඇතැම් ක‍්‍රියාකාරකම්වලින් බෞද්ධ ජනතාවත් බුද්ධ ශාසනයත් බේරා ගැනීම ය. එම නිසා අගරදගුරුතුමාගේ එම ප‍්‍රකාශයෙන් ගම්‍ය වන්නේ අපගේ ඉහත කී ස්ථාවරය ඇත්තක් ය යන්නයි. කෙසේ වෙතත් එම සම්පූර්ණ ප‍්‍රකාශය සළකා බැලීමේ දී පෙනී යන්නේ ‘‘පු`ථවන්’’ යන වචනය ආරම්භයේ දී යෙදුවත්, අවසන් භාගයේ දී එවැනි කොටස් සිටින බවත්, ඔවුන්ගෙන් එවැනි අන්තවාදී ක‍්‍රියාකාරකම් සිදුවන බවත් එතුමා ද පිළිගෙන ඇති බව ය. එපමණක් ද නොව කතෝලික, බෞද්ධ, හින්දු හා ඉස්ලාමීය භක්තිකයින් අතර පවතින ‘‘සුහදතාවය’’ එම ක‍්‍රියාකාරකම් හේතු කොට ගෙන ප`ථදු වන බවත්, තම ප‍්‍රධාන සභාවට ඔවුන් සමඟ කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බවත් කියා සිටියි.
82. අන්‍යාගමිකයින් අසම්මත ලෙස බෞද්ධාගමට හරවා ගැනීමේ දීන ප‍්‍රතිපත්තියක් ඔවුන් මෙන් බෞද්ධයින් හෝ භික්ෂූන් වහන්සේලා විසින් අනුගමනය කරනු නොලැබේ. තම ගොඩ වැඩිකර ගැනීමේ හෝ බෞද්ධ ආසියාවක් හෝ බෞද්ධ ලෝකයක් ගොඩන`ගා ගැනීමට හෝ ඔවුන් සිහින දකින්නේ ද නැත. කෙනෙකු වෙත බුද්ධ ධර්මය කෙනෙකු වෙත බලෙන් හෝ කූඨ උපක‍්‍රම ම`ගින් හෝ වෙනත් අසම්මත ක‍්‍රම ම`ගින් හෝ ආරෝපණය කරනු ලබන ධර්මයක් හෝ ආගමක් නොවේ. එසේ කිරීම ඉඳුරාම බුද්ධ දේශනාවට පටහැනිය. ‘‘ජීවිතයේ යථාර්ථය මෙයයි. නිවනට යන මඟ මෙයයි. නිවන ලබන තුරු ජීවිතය ගත කළ යුත්තේ මෙසේයි, පිළිගන්නා කෙනෙකුට එම මඟ යා හැකියි. ‘‘සෑම හොඳ දෙයක් මෙන්ම නරක දෙයක් ද කෙනෙකු විසින් සිදු කරනු ලබන්නේ තම සිත මුල් කර ගෙනය. නරක දේවල් අත්හැර දමනු ලබන්නේත්, හොඳ දේවල් තව තවත් වැඩියෙන් කරනු ලබන්නේත් සිත මුල්කර ගෙනය. නොයෙකුත් අවස්ථා පසු කරමින් මාර්ග ඵලයන්ට එළඹ අවසානයේ නිවන ලබාගන්නේත් සිත මුල් කර ගෙනය. එය සිදුකළ හැක්කේ තමන්ටම ය. ඒවා සර්ව බලධාරී දෙවියෙතු විසින් කරනු ලබන දේවල් නොවේ. එසේ සිතීම මිත්‍යාවකි.’’ මෙම බුද්ධ දේශනාවේ සත්‍යයක් නැති බවත්, සත්‍යය ඇත්තේ අන් ආගමකය යනුවෙනුත් සිතන බෞද්ධයෙකුට වුව ද, වෙනත් ආගමක් වැළඳ ගැනීමේ හා ඇදහීමේ නිදහස ඇත. ඊට බුද්ධ ධර්මයෙන් කිසිදු තහංචියක්, බාධාවක් නැත. සිත පදනම් කර ගත් බුදු දහම තරම්, සිතීමේ නිදහසට තැනදී ඇති වෙනත් කිසිදු ආගමක් හෝ ධර්මයක් මේ මිහිපිට කිසිදු රටක නැත. ඇත්නම් ඕනෑම කෙනෙකුට පෙන්වා දිය හැක.
83. මුදල්, තෑගි බෝග හා වෙනත් ලාභ ප‍්‍රයෝජන අල්ලස් ලෙස ලබා දෙමින් යාඥා කිරීමෙන් ඔවුන්ගේ ලෙඩ රෝග සුව කරන බවට මුලා කරමින් මිස, ක‍්‍රිස්තු ධර්මය අවබෝධ කරදීමෙන්, බුද්ධ ධර්මය ගැන මනා අවබෝධයක් ඇති බෞදධයින් තම ආගමට හරවා ගත නොහැකි බව ඉවැන්ජලිස්ත ක‍්‍රිස්තියානීහු හොඳින්ම දනිති. ගම්මානවල අහිංසකව වෙසෙන අසරණ, නූගත්, බෞද්ධ අය සොයා ගොස්, ඔවුන්ට හා ඔවුන්ගේ දරුවන්ට එලෙස තෑගි බෝග ලබාදී, ඔවුන්ගේ ආර්ථික දුෂ්කරතාවයන්ට පිළිසරණ වෙමින්, තම බෞද්ධකම නිසාම සහජයෙන්ම ඔවුන් තුළ තැන්පත් වී ඇති කෘතගුණ සැලකීමේ ගුණාංගයෙන් අයුතු ප‍්‍රයෝජන ගනිමින් ඔවුන් යාඥා මධ්‍යස්ථානවලට කැටුව යෑම ආදී උපක‍්‍රම යොදා ගනිමින් ඔවුන් බෞද්ධකමින් ඉවත් කර තම ආගමට හරවා ගනු ලබන්නේ එහෙයිනි.
84. ආගම්වාදීන් විසින් ඉතා තීක්ෂණ අන්දමින් කි‍්‍රයාත්මක කරනු ලබනුයේ සිංහල බෞද්ධ අන්‍යන්‍යතාවය නැති කර ලීමේ උපාය මාග_යන් ය. සර්ව ආගමික සංකල්පය ඉන් එකකි. ‘‘කොයි ආගමිනුත් උගන්වන්නේ හොඳ දේය. බෞද්ධ ජාතක කථා සහ බයිබලය අතර ඇත්තේ සමානාත්වයකි. ආගම් අතර අර්බුද ඇති කර ගැනීම අනුවන කමකි’’ යනාදී මත ප‍්‍රචාරයන්ගෙන් බලාපොරොත්තු වනුයේ බෞද්ධයන් තුළ ආගමික සංහිඳියාව පිළිබඳ අදහස් ඇති කිරීමයි. මෙයින් ඉලක්ක කරනුයේ බෞද්ධයන් තුළ තම ආගම පිළිබඳ වූ සුවිශේෂීයත්වය හීන කොට, තම ආගම වූ බෞද්ධාගම කෙරෙහි උපේක්ෂා සහගතව බැලීමට පුරුදු කරවීමය. ආගම් භේද පවත්වා ගැනීම නූගත් වූද අසීලාචාර වූද සමාජ විෂමාචාරයකි යන පොදු අදහස ජන ජීවිතය තුළට මෙනයින් කා වැද්දීමට මෙම ආගම්වාදීන් මාන බලයි. අන්‍යාගමිකයන් විසින් අනුගමනය කරන බෞද්ධ විරෝධී කි‍්‍රයාදාමයන්හි දී එල්ල විය හැකි බෞද්ධ ජන විරෝධය නිශ්කි‍්‍රය කිරීම එහි සැඟවුනු පරමාර්ථයකි. ආගම් භේදය හොඳ නැත යන පොදු මතය කියාපාමින් ඔවුහු තැත් කරනුයේ අයථා අන්‍යාගම්කරණය වැනි ක‍්‍රියාවලිය කෙරෙහි පවතින බෞද්ධ විරෝධය මැඩ පැවැත්වීමට උත්සාහ කිරීම ය. ඒ ස\හා ඉහතින් සඳහන් කළ පරිදි ජනමාධ්‍ය වේදීන්ගේ සහාය ද ඒ සඳහා ඔවුන් ලබා ගෙන ඇත.
85. තවත් කි‍්‍රයා මාර්ගයක් නම් භික්ෂූන් වහන්සේලා නිහඬ කර වීමය. භික්ෂූන් වහන්සේලා සුළුතරයක් කීර්තියට, ප‍්‍රශංසාවට, නම්බුවට ඉතා ලැදි බව ඔවුහු වටහා ගෙන ඇත. තම නියෝජිතයින් මඟින් ඉතා සියුම් ලෙස නොයෙකුත් අයථා කි‍්‍රයා පිළිවෙත් අනුගමනය කරමින් උන්වහන්සේලා නිහඬ කර වීමට ඔවුන් සමත්ව සිටිති. බෞද්ධයාහට මුහුණ දිමට සිදු වන තර්ජනයන්හි දී නිහඬව උපේක්ෂා සහගතව බලා සිටීමට පෙළඹවීම එහි අරමුණ වේ. මෙම භයානක පාප කර්මයට නොදැනුවත්ව හෝ සහාය වී ඇති භික්ෂු නායකත්වය නිසා සිදු වී ඇති හානිය මෙනෙහි කර ගනිමින් ඉදිරියේ දී සිදු විය හැකි හානිය නිශ්කි‍්‍රය කිරීම සඳහා බෞද්ධ ජන නායකත්වය විසින් නොබියව කටයුතු කළ යුතුව ඇත. මෙවන් වාතාවරණයක් තුළ සූක්ෂ්මව දියත් කර ඇති අසන්කෘතික මාධ්‍ය වැඩසටහන් තුළින් බහුතර බෞද්ධ තරුණ තරුණියන් තුළ ලිංගික මානසිකත්වයක් ගොඩනඟා ඇත. ශ‍්‍රී ලාංකීය සංස්කෘතිය ගොඩනැඟි ඇත්තේ සංවරනය හා තුලනය යන මූලධර්ම මතය. සාම්ප‍්‍රදායික ආගමික සාරධර්ම හෑල්ලූවට ලක් කිරීමෙන් බෞද්ධ සංස්කෘතීන්ගේ හරය බිඳ දැමීම මොවුන්ගේ ඉලක්කය වේ. එවන් නොහික්මුනු සමාජ රටාවක් නිර්මාණය කිරිම බෞද්ධයන් අන්‍යාගමික කිරීම සඳහා ගනු ලබන දිගු කාලීන න්‍යාය පත‍්‍රයක අඩංගු එක් කරුණකි.
86. මෙම හිංසාකාරී කුමන්ත‍්‍රණකාරී කූඨ කි‍්‍රයා මාර්ගයන් තව දුරටත් ඉවසා සිටීමෙන් ආගම ජාතිය පාවා දීමේ නිවටයන් බවට වර්තමාන පරම්පරාව හංවඩු ලැබිය යුතු දැයි නිගමනය කළ යුතුව ඇත.







සිංහල රාවය දිගුකල් වැජඹේවා !!!!!
Ammapa….! Ehema wenna epay
එම ප‍්‍රාර්ථනය එෙස්ම ඉෂ්ඨ වෙිවා !!!
Alakazaam-information found, pbrolem solved, thanks!
I am forever indebted to you for this infromtiaon.
this is a time for most cooperation of Sinhalese’s Buddhisms.
Rathmalkanda Vipassana Bhavana Madyastanaya
http://meditation.lk/
Ko Bhawanaa….Hela Asipatha Gena Perata Yanawa nam kadu kopuwa ine nathuwa yaama…wage wadak nee….Article Naa
Hiswa thabina Helayage sirithak neee!! Ha ha ehema hithamu
homagama pradeshaye Last year ekedi pudgalayan 1700 pramanayak kristiyani agamata harawagena tiyanawa,meka newetweemata piyawarak wahama kawuru hari ganna.
sinahala ravaya karagana yana pinvathunta thava thavth mevani kriya karagana yamata shakthiya dahiriya vadi vadiyen labeva BUDU SARANAI!!!!
Thanks for the great info dog I owe you bgitgiy.
My brother suggested I would possibly like this web site. He was totally right. This publish truly made my day. You cann’t believe just how a lot time I had spent for this info! Thanks!
I’ve been browsing online greater than three hours as of late, but I never discovered any attention-grabbing article like yours. It is lovely price sufficient for me. In my view, if all web owners and bloggers made just right content as you probably did, the web will probably be a lot more useful than ever before.
ko meke anyagam karanaya kwata mona karanayak wat nane?
niyama sinhala bauddaya anit aagam pahath karan ne…ehema karanne konda pana neti nivatayin…
Wonderful work! This is the kind of information that should be shared around the net. Disgrace on Google for now not positioning this publish upper! Come on over and discuss with my web site . Thank you =)
Hansaya ekka mama ekagai. Meka Baudda kama newei. Niwata, Niyalu, ponna kama.Rate inna wedagath Swamin Wahansela, Maha Nayaka ware me wage dewal walata wirudda viya uthui. Ethumanla mewa danne ne. Ethumanla me rate inna ugath aya.
I was suggested this web site by my cousin. I’m not sure whether this post is written by him as nobody else know such detailed about my problem. You’re wonderful! Thanks!
I disagree.If we used an automatic two-stage approach that first treated the (up to 3) rankings as approval votes to determine three finalists and then employed IRV to determine the final winner, it would be more simple and people would have more incentive to rank mroe candidates.buyers remorse over the elected candidate is a lousy arg against IRV. The same can happen more often with FPTP. And that's what this waters down to.IRV worked. It's changing the incentives for how candidates should campaign. And that's why they're pitching an alternative to replace IRV.They'd rather swing the vote in a runoff where the overall turnout is much less (and somewhat mroe conservative) in a second round. This is old fashioned electoral politics, pure and simple!!!Pimp the rule that benefits you, trash the rule that forces you to change. dlw
Love your blog!
It’s really a cool and helpful piece of information. I am glad that you just shared this useful information with us. Please keep us up to date like this. Thank you for sharing.
thamange harda shakshiyatata ekaganam wenath agamak adaheeme waradda mokakda?????
ai ohelath oya pita ratawala dan gaja raameta wade denne……!!!
:-p
aniwarayenma api SINHALA RAWAYA akkala ona welawak ennawa……….
කවුරැන් කෙසේ බුදුදහමට චෝදනා කලද.ලොව පරම සත්‍යෙ ගෞතම බුදු සමිදුන් දෙසූ මේ උතුමි ධර්මයයි.මොහොතක් සිතන්න උපතින්ම අන්ද අයකුට නිල් මහනෙල් මලක අසිරිය ලස්සන කීවද ඔහු එය නොපිලි ගනී නමි…අප කලබල විය යුතු නැත.මන්ද එය ඔහුගේ අනුවන කම අන්ධ භාවයම වන්නේය…එමෙන්ම බුද්ධිය නැති අන්ධ බාලයින් හට මේ ධර්මය කියා දුන්නද නොතේරෙයි නොවැටහෙයි මන්ද ඔවුන් සැම මෝහ අන්ධ කාරයෙ ගිලී ඇත…ඔවුන් බුදු දහම කෙලෙසන්න යැයි සිතා සිදු කරන මෙවන් දෙයෙහි කර්මයන් ගෙන යන්නේ ඔවුන් මය.එය ගොනා පිටු පසින් එන කරත්ත රෝදය සේ සංසාර දුක් පිණිසම පවති…අදුරේ සිටින සැමගේ නුවණැස දැල් වේවා..
Love your blog!
Awesome post! I will keep an on eye on your blog.
Love your blog!
katha kara kara edala wadak na gamata bahimu…. para thambiya dan chandiyo wala enna ape pol buruwangema waradi hinda thamaei.kanna bonna sapa labenawanam amma unath para thambiyak akka nida ganna yawana jathiyak wala enna. konda pana thiyana sinhalayo ennawa nam dan thama akathu wanna hodama kalaya yakuna..
Great post!
This is by far my favorite blog! Keep up the good work!
Awesome writing style!
Love your blog!
Thanks for some other informative blog. The place else may I am getting that type of info written in such a perfect way? I have a undertaking that I am simply now running on, and I have been on the glance out for such info.
Love your blog!
Awesome writing style!
I actually planned to compose a small note to thank for you for some of the pleasant secrets you are showing on this website.
I wanted to follow along and let you know how , a great deal I cherished discovering your website today. I’d personally consider it a good honor to operate at my company and be able to use the tips provided on your web site and also engage in visitors’ comments like this. Should a position connected with guest publisher become offered at your end, please let me know.
Great post!
Really intriguing concept , thankyou with regard to posting.
You’ve made some decent points there. I looked on the web to learn more about the issue and found most individuals will go along with your views on this web site.